ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව වෙළඳාමේදී දේශීය මුදල් භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කරයි!

Date:

සටහන – පුලී
පෙබරවාරි 28,කොළඹ (LNW): 
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මහ බැංකුවල ඉහළ නිලධාරීන් මෑතකදී දේශසීමා ගනුදෙනුවලදී ඔවුන්ගේ දේශීය මුදල් වන ඉන්දීය රුපියල් (INR) සහ ශ්‍රී ලංකා රුපියල් (LKR) භාවිතය වැඩි කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට සාකච්ඡා පැවැත්වීය.

මෙතුළින් ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම ඉන්දීය රුපියල ජාත්‍යන්තරකරණය කිරීමට ඉන්දියාවේ ප්‍රයත්නයන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

වාර්ෂික ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 5.5 ඉක්මවන ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා ලෙස ඉන්දියාව පෙන්වා දිය හැක. ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4 කට වැඩි භාණ්ඩ අපනයනය කරන අතර ශ්‍රී ලංකාව ඉන්දියාවට කරන අපනයනය ඩොලර් බිලියන 1.5 ක් පමණ වේ.

වෙළඳ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව 2022 අගෝස්තු මාසයේදී ඉන්දීය රුපියල බලයලත් විදේශ මුදල් ඒකකයක් ලෙස නම් කරන ලද අතර, බැංකු ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම ද සිදු කරන ලදී.

ඉන්දියානු සංචිත බැංකුවේ (RBI) ප්‍රධාන සාමාන්‍යාධිකාරී ආදිත්‍ය ගයිහා, මේ පිළිබඳ පැවැත්වූ වටමේස සාකච්ඡාවේදී ඉන්දියානු රුපියල ජාත්‍යන්තරකරණය සහ ඉන්දීය රුපියල් (INR) සහ ශ්‍රී ලංකා රුපියල් (LKR) අතර වෙළඳ බේරුම්කරණ යාන්ත්‍රණය පිළිබඳව විස්තර කළේය.

ඔහු ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියලෙ හි ආයෝජනය කිරීමට ඉඩ දෙන ප්‍රධාන RBI ප්‍රතිපත්ති සහ දේශසීමා ගනුදෙනුවලදී ඉන්දීය රුපියල් භාවිතය පුළුල් කිරීම අරමුණු කරගත් විදේශ විනිමය කළමනාකරණ පනතට (FEMA) සංශෝධනයන් පිළිබඳව ද අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චන්ද්‍රසේකර් ප්‍රපංචයේ මනෝවිශ්ලේෂනය ….

අද මම ලියන්ට හීතුවේ අපෙ රවී සහෝදරයා (චන්ද්‍රසේකර්) තැනට...

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...