මේක නැවත සමාලෝචනය කළ යුතුයි – අනුරගේ ඔන්ලයින් ඩොලර් බද්දට හඳුන්නෙත්තිගේ විරෝධය !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ඩොලර් ආදායම් උපයන අයට මෙවර අයවැයෙන් පනවා ඇති 15% ක බද්ද හේතුවෙන් ඔවුන් මෙරටට ඩොලර් රැගෙන ඒම වෙනුවට එම මුදල් පිටරට රඳවා තැබීමට පෙළඹෙන බැවින් එම බද්ද යළි සමාලෝචනය කළයුතු බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“ඩිජිටල්, යූටියුබර්ස්ලාට කියලා නෙවෙයි, ඒ සේවා අපනයනය කරන අයට 15% ක බද්දක් පනවලා තියෙන්නෙ. එතන ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම. ඒ සමහර ඒවා දැනටමත් ආර්ථික ක්‍රියාවලියට වදින්නෙ නැති ඒවා. එතකොට ආර්ථික ක්‍රියාවලියට වදින්නෙ නැති ඒවා ආර්ථික ක්‍රියාවලියට බද්ධ කරගැනීමක් මේකෙන් සිදුවෙලා තියෙනවා. ඒ එක පැත්තකි. හැබැයි ඒකෙන් ආදායමක් දැනටත් එන්නෙ නැති ඒවා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම හුඟාක් ලොකුම ප්‍රශ්නය තමයි, ඕකෙන් වෙන්න පුළුවන් හානිය මම දකින පැත්ත – ඒ බද්දේ හානියක් තියෙනවා. ඒක කවුරුත් පිළිගන්න එපැයි. කිසිම බද්දකින් වාසියක් වෙන්නෙ නැහැනෙ, හැම එකින්ම බද්ද වදින කෙනාට හානියක්නෙ. ආණ්ඩුවට ආදායමක්, බද්ද වදින කෙනාට පීඩනයක් තියෙනවා. ඒ පීඩනයේ තියෙන බරපතළකම මම දකින්නෙ – මේක අපි සාකච්ඡා කරන්න ඕනෙ දෙයක් – ඒක නිසා අපි තාක්ෂණය පාවිච්චි කළාම, ඒ තාක්ෂණික සේවා සපයන අයට, ලංකාවේ ඉඳන් පිටරටට සේවා සපයන අයට ඒ ආදායම ලැබෙන්නෙ ඩොලර්වලින් නම් ඒ ආදායම මත මේ බදු පීඩනය වැඩි වුණෝතින් ඔවුන්ට පුළුවන්කම තියෙනවා ඒ ආදායම ලංකාවට ගේන්නෙ නැතිව පිටරට රඳවන්න. අන්න ඒ පෙළඹුම දෙන්න හොඳ නෑ. එතන තමයි ප්‍රශ්නය තියෙන්නෙ. එතකොට ඒ ආදායම ලංකාවට ගෙනල්ලා ප්‍රකාශයට පත්කිරීම මත ඔහුට ලැබෙන වාසියක් තියෙන්න ඕනෙ. හැබැයි ඒ වෙනුවට අනිත් පැත්තට ගියොත් එහෙම එයා පෙළඹුණොත් ඒ සල්ලි පිටරටක රඳවන්න අපි බද්ද ගහන එකේ තේරුමක් නෑ. අනිවාර්යයෙන්ම ඒක සමාලෝචනය කෙරෙන්න ඕනෙ මේ නිසා. පොදු ප්‍රතිපත්තියට බදු ගැහුවාට ඒක එක එක සේවාවෙන් සේවාවට වෙනස් වෙන්න පුළුවන්”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (26) දින නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ...

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...

සුව ඇමති හමු වූ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි Trinh Thi Tam!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

චනිත්මාගේ ගැටළුවේදී පරංගියාගේ පාරෙන් කෝට්ටේ යන අධ්‍යාපන බලධාරීන්ට හරි පාර

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: මේ මොහොතේ සමාජ මාධ්‍ය...