Super GL ගේන්න බෑ. KDH එකක් ලක්ෂ 200 ට අරන් කවදා ලීසිං ගෙවලා ඉවර කරන්නද ? – වෑන් ආනයනයේත් ගැටලුවක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සංචාරක කර්මාන්තය සඳහා බහුලව යොදාගන්නා වෑන් රථ ආනයනය කිරීමේදී ද ගැටලු පැනනැඟී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.

“පොඩි ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා ඇත්තටම. සුපර් ජීඑල් එක අපට දැන් ගේන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. ඒක මේ ලංකාවේ ප්‍රශ්නයක් නෙවෙයි, ලෝකේ වර්ල්ඩ් කස්ටම් ඕගනයිසේෂන් එකෙන් තමයි ඔය HS කෝඩ් නිර්නායනය කරන්නෙ. එතකොට මේකෙ මෙච්චර කාලෙකට සුපර් ජීඑල් එක වැටුණේ 8704 කියන කාණ්ඩයට. අපි ගත්තොත් අපේ ලංකාවේ ඩුවල් පර්පස් කාණ්ඩයට. නමුත් දැන් සුපර් ජීඑල් එක ඒ කට්ටිය විස්තර කරලා තියෙන ආකාරය අනුව අලුත් ක්‍රමයේදී 8703 වෙනවා. ඒ කියන්නෙ ඒක අපේ ලංකාවේ කාර්වලට තියෙන තීරුබදු කාණ්ඩයට ඒක වැටෙනවා. ඒක නිසා අපට සුපර් ජීල් එක ගේන්න බැරි තත්වයක් එනවා. මේ කියන්නෙ ෆුල් සීට් නැති, එක සීට් එකක් විතරක් තියෙන ඩුවල් ඒසී නෝමල් වෑන් එක. අපි ගත්තොත් ඔය ෆ්ලැට් රූෆ් වෑන් තියෙන්නෙ, හයර් දුවන සාමාන්‍ය වෑන්. ඒකක් ගේන්න අමාරුයි. මොකද ඒක 8703 කාණ්ඩයට ඇවිල්ලා ලංකාවේ තීරුබදු අනුව ඒ වෑන් එකකට බදුම ලක්ෂ 250ක් විතර වෙනවා”

ප්‍රශ්නය – එතකොට සංචාරක කර්මාන්තයට වෙන විකල්ප තියෙනවාද ?

“ආසන 15 වෑන් එක තියෙනවානෙ. ඒක 8704 කාණ්ඩයෙන්මයි යන්නෙ. ඒ වෑන් එක අපට ගේන්න පුළුවන් ලක්ෂ 175 ඉඳලා 225 දක්වා පරතරයේ ඒ වෑන් එක එනවා”

ප්‍රශ්නය – 175 යි 225 යි අතර ගෙනල්ලා, මේක දාලා කවදා මේ වාහනයෙන් හම්බු කරන්නද වගේ හැඟීමක් එනවානෙ මේ කර්මාන්තයේ අයට ?

“ඔව්. ඇත්තටම එහෙමයි. බදු ව්‍යුහයේ අපෙත් පොඩි පොඩි ඉල්ලීම් කළා ආණ්ඩුවෙන් පුළුවන් තරම් මේක අඩුකරලා දෙන්න කියලා. මොකද ඇත්තටම සංචාරක කර්මාන්තයේ මනුස්සයෙක්ට ලක්ෂ 200ක් ලීස් එකක් දාලා, මේක දුවලා හොයන්න අමාරුයි. මේකෙ අවුල් ටිකක් තියෙනවා, නැත්තෙ නැහැ. අපටත් බලපාන ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරගෙන යනවා ඒවා නිරාකරණය කරන්න පුළුවන්ද, බැරිද කියන එක ගැන”

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...