එජාප – සමඟි සාකච්ජා යළි ඇරඹෙන ලකුණු!

කොළඹ LNW:සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ජා තවදුරටත් කරගෙන යාම සම්බන්ධයෙන් තීරණයකට එළඹ ඇති බව වාර්තා වෙයි

ඒ අනුව එම සාකච්ඡා සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව සිදුකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ඉදිරි දිනකදී මෙම කළමනාකරණ කමිටු රැස්වීම පැවැත්වීමට නියමිත අතර නිශ්චිත ලෙස සාකච්ජා පැවැත්වීම ගැන තීරණයක් එහිදී ගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවතියද දෙපාර්ශවයේ අභ්‍යන්තර ප්‍රශ්නකාරී තත්ත්වයන් මත එය තාවකාලිකව නතර කිරීමට සිදුව තිබුණි.

විශේෂයෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන එක්ව කටයුතු කිරීම එම සකච්ජාවල ප්‍රධාන අරමුණක් වී තිබුණ අතර එජාපය සහ සමඟිය එක්වීමට හැකි වුවහොත් විපක්ෂයේ සෙසු පක්ෂ කණ්ඩායම් ද ඒවටා එක්කරගැනීමට සැලසුම් කර තිබෙන බවයි පෙනෙන්නට තිබුණේ.

ඒ සම්බන්ධයෙන් එජාප හා සමඟි නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් ද දක්වා තිබුණි.

කෙසේවෙතත් සමඟි ජන බලවේගය පැත්තෙන් අදහස් දක්වමින් තිබුණේ විපක්ෂයේ වැඩිම පංගුව ඔවුන් සතු නිසා එක්ව කටයුතු කිරීමේදී එම සන්ධානයේ නායකත්වය සමඟියට හිමිවිය යුතු අතර මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ දුරකථන ලකුණින් බවයි.

ඒ අනුව දෙපාර්ශවයේ පවතින මතවාද ගැටුම් හේතුවෙන් එම සාකච්ජා තාවකාලිකව නතර කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...