හොර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ආක්‍රමණශීලී ශාඛ ඉවත් කරයි!

Date:

කොළඹ LNW:හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ සීඝ්‍රයෙන් පැතිරයන ආක්‍රමණීශීලී ශාඛ ඉවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් එම උද්‍යාන පරිශ්‍රයේදී ඊයේ (27) දිනය පුරා පැවැත්විණි.

මුහුදු මට්ටමමේ සිට මීටර් 2100ක උසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම පරිසර පද්ධතිය හෙක්ටයාර 3169කින් යුක්ත වන නමුත් ඉන් සැලකිය යුතු ප්‍රදේශයක ආක්‍රමණීලී ශාඛ ව්‍යාප්තවී තිබේ.

කටු සහිත කහ පැහැති මලක් පිපෙන Ulex Europaeus යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන යුලෙක්ස් නම් ශාඛය ඉවත් කිරීම මෙහිදී සිදුවිය.
වනජීවී දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් මෙම ආක්‍රමණශීලී ශාඛය ඉවත් කිරීම හෝර්ටන් තැන්නේ පතන බිම් ආශ්‍රිතව සිදු කෙරිණි.

හෝර්ටන්තැන්න තුළ යුලෙක්ස් ශාඛය තැනිතලා බිම්වල පැතිර ගොස් ඇති අතර එහි බීජ වර්ෂ ගණනාවක් සක්‍රීයව තිබී යළි පැලවී ව්‍යාප්ත වන බව උද්‍යාන භාරකාර සිසිර කුමාර රත්නායක මහතා පරසර ක්‍රියාකාරීන් දැනුවත් කරමින් එහිදී පැවසුවේය. යුලෙක්ස් ශාඛයට අමතරව තවත් ආක්‍රමණශීලී ශාඛ විශේෂ 40ක් පමණ හෝර්ටන්තැන්න තුළ දැකිය හැකි යැයි ද උද්‍යාන භාරකරු එහිදී පැවසුවේය.

අඩි 07ක පමණ උසක් දක්වා වර්ධනය වන මෙම ශාඛය ගලවා ගිනි තැබුවත් එහි ශේෂවූ මුල් හා බීජ වලින් යළි යළිත් ව්‍යාප්තවන බැවින් නිරන්තරයෙන් මර්ධනය කිරීමට සිදුවන බව ද ඒ මහතා පැවසුවේය.

යුලෙක්ස් ශාඛය ජෛව විවිධත්වයට, ශාඛ වර්ධනයට සහ සත්ව ගහණයට බාධාවක් වන බැවින් මෙම ආක්‍රමණශීලී ශාඛය ඉවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහන ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ මෙහෙයවීම දුම්බර සේනා පරිසර ක්‍රියාකාරීගේ ශ්‍රම දායකත්වය මත ක්‍රියාත්මක විය.ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය යටතේ වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ කේන්ද්‍ර කර ගත් පරිසර ක්‍රියාකාරීන් 80ක් ද ලග්ගල, පල්ලේගම, විල්ගමුව, රත්තොට හා මිනිපේ කේන්ද්‍ර කොට ගත් පරිසර ක්‍රියාකාරීන් 45 දෙනෙකුගේ ශ්‍රම දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

එම ව්‍යාපාරයේ සභාපති සුරංජන් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ වැඩසටහන් සම්බන්ධීකාරක කේ. අමල් සංජීව මහතාගේ මෙහෙයවීම මත වනජීවී දෙපාර්තමේන්තුව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඇක්ටඩ් ආයතනය ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධාන කොට තිබිණි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය නිෂ්පාදකයින් රැකගන්න පාර්සල් රේගු බදු වෙනස් කළා. වැඩේ ගාණට යනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයින්ට දැවැන්ත තර්ජනයක් වී පැවති තනි...

Starlink : රනිල් මස්ක්ට ස්තූති කරයි. ඉක්මනින් නැවත හමුවීමටත් බලාපොරොත්තුවෙන්

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය ලබාදීම...

කහවත්තේ OIC යාපනයට මාරු කරයි

කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරුකර තිබේ. ඒ,...

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...