තැන තැන ඉන්ධන පෝලිම්. ප්‍රශ්නය විසඳන්න තෙල් සංස්ථාව සහ බෙදුම්කරුවන් අතර සාකච්ඡා !

Date:

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට ඉන්ධන බෙදුම්කරුවන් තීරණය කර ඇති බව නිවේදනය කිරීමෙන් අනතුරුව මේ වනවිට ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවෙමින් පවතින බව වාර්තා වේ.

මෙම තත්වය උද්ගත වූයේ ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට හිමිවන 3%ක වට්ටම් මුදල අහෝසි කර, හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කිරීමත් එම තීරණයට ඉන්ධන බෙදුම්කරුවන් විරෝධය පළකිරීමත් සමග ය.

කෙසේවෙතත් මෙම ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා තෙල් සංස්ථා බලධාරීන් සහ ඉන්ධන බෙදුම්කරුවන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙමින් ඇති බව ආරංචිමාර්ග පැවසීය.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රිය වීමට පෙර කෙසේ හෝ මෙම ප්‍රශ්නය විසඳාගැනීමට කටයුතු කරන බව තෙල් සංස්ථා බලධාරීන් ප්‍රකාශ කළ බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...