“අහස කවදත් – අපට හිතවත්”

0
4

සඳ බලමින් නිදන්නට
තැනෙව්වා ඔබ ඒ මැද මිදුල
ඉර ගිලී ලොව නිවෙන හවසක
පිපුණා මල් මාලතී දෙවැට දිගටම

ඩක ඩක හඬ අරන් බදුලු දුම්රිය
එල්ලාන දෑල දෙවුරින් සුපැතුම්
ඉගිලුණා කඳුකරය වෙත
ඉහිමින් උණු කෝපි කළුවක සුවඳ

තරු පවා ඇද වැටී මිදුලට
ගිලි ගිලී නෑවා සඳ වතුර
“අහස කවදත් – අපට හිතවත්”
හිනාවී ඔබ කිව්වා එහෙම

අනන්තය කියනා තැනක තවමත්
හඳ බලාගෙන ඉන්නවා එහෙමම
ආදරේ මල් මකරන්ද අඩු වැඩිය
ආකහෙන් පොළවට එන්නෙ එතකොට

~ ධනුෂ්කා නිශාදි කුලරත්න