රෂිකා හෙන්නායක පෙබරවාරි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ටෙහෙරාන් නුවර මධ්‍යයේ සිදුවූ පිපිරීම් මාලාවක් සහ ඉන් නැඟුණු දුමාරය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, නගරයේ ජම්හූරි ප්‍රදේශයට සහ විශ්වවිද්‍යාල වීදියට මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇත. මෙය රට පුරා හදිසි පුවතක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බවත්, ක්ෂේත්‍රයේ සිටින වාර්තාකරුවන් මඟින් මෙය තහවුරු කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා මෙම ප්‍රහාරය තහවුරු කළ බවත් , ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රතිප්‍රහාරයන්ට සූදානම් වීම සඳහා ඊශ්‍රායලය පුරා අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක කර ඇති බව ද විදෙස් පුවත් පෙන්වා දෙයි.



