ඡන්දය කල් දමන්නැයි සජබ ඉල්ලා සිටියේ යැයි ජනපති කළ ප්‍රකාශයට සජිත්ගෙන් පිළිතුරු (VIDEO)

Date:

මේ රට පුරා ගමන් කරමින්, මැතිවරණය උදෙසා ජනතාව පෙළගස්වමින් දිනෙන් දින ඉහළ යන ජන රැල්ලක් සමඟ සමගි ජන බලවේගය කටයුතු කරන්නේ මැතිවරණයක් ලබාගෙන එය ජයග්‍රහණය කිරීමට මිස මැතිවරණ කල් දැමීමට නොවන බව ජනපති මතක තබා ගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මැතිවරණ කොමිසමේ ඒකමතික තීන්දුවකින් තොරව මැතිවරණය ක්රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවට ජනාධිපතිවරයා පවසමින්, ඒ මොහොතේම මැතිවරණයක් නැතැයි ද පැවසීම හරහා ඔහුගේ විකෘති බව මැනවින් ප්‍රදර්ශනය වන බව කී විපක්ෂ නායකවරයා, සමගි ජන බලවේගය කිසිවකු මැතිවරණ කල් දැමීමට කටයුතු නොකරන බවද අවධාරණය කළේය.

ජනාධිපතිවරයාගේ විකෘති පිස්සු කතා නිසා රට දිනෙන් දින බරපතල අගාධයකට ඇද වැටෙන බව පැවසූ විපක්ෂ නායකවරයා කඩිනම් මැතිවරණයක් තුළින් මේ විකෘතියක් වෙනස් කළ යුතු බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ පසුගියදා කන්කසන්තුරේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...