අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ, පොහොර ආනයනයට ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක්

Date:

ලෝක බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදී තිබේ.

මෙම මූල්‍ය පහසුකම භාවිතයෙන් මෙරටට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ පොහොර ආනයනය කිරීමට අවස්ථාව හිමිවන බවයි එම ආයතනය පවසන්නේ.

මෙම විනිමය හුවමාරු පහසුකම ලබාදී ඇත්තේ මෙරට ආනයන ඇතුළු ආර්ථිකයේ 30% ක පමණ ප්‍රතිශතයක මූල්‍ය ගනුදෙනු සිදුකරන පෞද්ගලික බැංකු තුනක් වන කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත යි.

මෙමගින් ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින දුෂ්කරතා අවම කරගනිමින් යම් මට්ටමකින් ආර්ථිකය යථාවත් කරගැනීමට හැකිවනු ඇති බවයි IFC ආයතනය නිවේදනය කර ඇත්තේ.

විදෙස් ණය ආපසු ගෙවීම් පැහැර හැරීමෙන් අනතුරුව පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොල හමුවේ පත්ව සිටි දුෂ්කරතාව සලකා බැලීමේදී මෙම විනිමය හුවමාරු පහසුකම ලැබීම යනු ඉතාම සුබ ලකුණක් වශයෙන් සැලකිය හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...