අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ, පොහොර ආනයනයට ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක්

Date:

ලෝක බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදී තිබේ.

මෙම මූල්‍ය පහසුකම භාවිතයෙන් මෙරටට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ පොහොර ආනයනය කිරීමට අවස්ථාව හිමිවන බවයි එම ආයතනය පවසන්නේ.

මෙම විනිමය හුවමාරු පහසුකම ලබාදී ඇත්තේ මෙරට ආනයන ඇතුළු ආර්ථිකයේ 30% ක පමණ ප්‍රතිශතයක මූල්‍ය ගනුදෙනු සිදුකරන පෞද්ගලික බැංකු තුනක් වන කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත යි.

මෙමගින් ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින දුෂ්කරතා අවම කරගනිමින් යම් මට්ටමකින් ආර්ථිකය යථාවත් කරගැනීමට හැකිවනු ඇති බවයි IFC ආයතනය නිවේදනය කර ඇත්තේ.

විදෙස් ණය ආපසු ගෙවීම් පැහැර හැරීමෙන් අනතුරුව පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොල හමුවේ පත්ව සිටි දුෂ්කරතාව සලකා බැලීමේදී මෙම විනිමය හුවමාරු පහසුකම ලැබීම යනු ඉතාම සුබ ලකුණක් වශයෙන් සැලකිය හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...