*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

මේ නැතිවුණු ජීවිතය පිළිබඳ වගකීම රනිල් ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි – ටිල්වින් (VIDEO)

පෙරේදා (26) කොළඹදී පැවති විරෝධතාවට පහරදීමෙන් තම පක්ෂ සාමාජිකයකු මියයාම පිළිබඳ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“මේ උද්ඝෝෂණය අපි ඉතාමත්ම සාමකාමීව කළේ. අපි කවුරුවත් ගැටෙන්න ගියේ නෑ. එහෙම තිබියදීත් ඉතාම ම්ලේච්ඡ ලෙස පහරදීමක් සිදුකළා. මේ පහරදීමෙන් 28 දෙනෙකු පමණ රෝහල්ගත කරන්න සිද්ධ වුණා. එතනින් දෙන්නෙකුට කිසියම් අසාධ්‍ය තත්වයක් මතුවෙලා තිබුණා. ඉතින් දැන් වාර්තා වෙනවා අපට ඒ දෙන්නාගෙන් එක් කෙනෙකුගේ ජීවිතය නැතිවුණා කියලා. විශේෂයෙන්ම නිමල් අමරසිරි කියලා රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ අපෙන් නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයකු ලෙස කටයුතු කරන සහෝදරයෙක්. ඔහුගේ ජීවිතය නැතිවෙලා තියෙනවා. ඉතාම සාමකාමී උද්ඝෝෂණයකට මෙලෙස පහරදීලා මිනිස් ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක ඉතාම බරපතළ කාරණයක්.

එනිසා මේ නැතිවෙච්ච ජීවිතය පිළිබඳ වගකීම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුව තියෙනවා. මොකද අපි ගියේ පොලිසිය එක්ක ගැටෙන්න නෙවෙයි. මැතිවරණය ජනතාවගේ අයිතියක්, ඒ අයිතිය පැහැරගත්තාම අපට අතපය හකුළාගෙන බලාගෙන ඉන්න බෑ. එනිසා අපි අපේ විරෝධය සාමකාමීව පළකරන්න ගියේ. රනිල් වික්‍රමසිංහලා මේ හදන්නේ මිනිස් ජීවිත නොසලකා තමන්ගේ ඒකාධිපති පාලනය ආරක්ෂා කරගන්න. විශේෂයෙන්ම කියන්න ඕනෙ, මේ උද්ඝෝෂණයේදී අපේ සහෝදරයෙක් නැතිවෙලා තියෙනවා. ඒක අපට විශාල කණගාටුවක්. මොකද අපි හිතනවා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කවුරුන්වත් තමන්ගේ ජීවිත නැති කරගත යුතු නෑ කියලා. අපි යන්නේ අයිතිවාසිකම් දිනාගන්න, මිනිස් ජීවිතවලට වටිනාකමක් දෙන්න, මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන්න. එහෙම එකකදී ආණ්ඩුව මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරනවා නම් ඒක ඉතාම බරපතළ කාරනයක්. අපි මේ මියගිය සහෝදරයාගේ පවුලේ සියලු දෙනාට අපේ කණගාටුව පළ කරනවා. ඔහු සටන් වැදුණේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, මේ සියලු දෙනාගේම අයිතිවාසිකම වෙනුවෙන්. එනිසා අපි සහතික කරලා කියනවා ඔහුත් අපිත් ආරම්භ කළ මේ සටන, මැතිවරණය දිනාගැනීමේ සටන අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා ගෙනියනවා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan