අද (28) දිනයේදී පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක පළ කර තිබුණු “ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන CIDය විමර්ශන අරඹයි” මැයෙන් යුත් පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍යය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එම පුවතේ සඳහන් ආකාරයේ තොරතුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී නොමැති අතර එවන් විමර්ශනයක් ද එම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.
RN