*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

හෙට අංශ ගණනක විරෝධතාවක්!

වරාය, තෙල්, විදුලි, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හෙට (01) දිනයේ දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සූදානමින් සිටී. වෛද්‍ය, දුම්රිය, ගුරු සහ තැපැල් වෘත්තිය සංගම් පැවසුවේ තමන් වර්ජනයට එක් නොවන අතර විරෝධතාවක් පමණක් පවත්වන බවය.

මෙවැනි පසුබිමක වරාය, ගුවන්තොටුපොළ හා මඟී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි. මඟීන් හෝ භාණ්ඩ, පිට කිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ ආහාර පාන, භාණ්ඩ හෝ ගල්අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙම ගැසට් නිවේදනය මගින් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කෙරේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ඒ අනුව මාර්ග, පාලම්, බෝක්කු, ගුවන්තොටුපොළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගීන් ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා ලෙස අදාළ ගැසට් නිවේදනයෙන් අර්ථ දක්වා ඇති බවයි.

කෙසේවෙතත් රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් හෙට දින දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිතය.

ඊට වරාය, ඛනිජ තෙල්, විදුලිය, ජල, බැංකු, විශ්වවිද්‍යාල, ටෙලිකොම් ආදි ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති එක් වන බව මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.එම වැඩ වර්ජනයට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තිය සමිති නියෝජිතයින්ද එක්වන බවට දැනටමත් ප්‍රකාශ කර අවසන්ය.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දහවල් හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පවත්වා තීරණය කර ඇත්තේ හෙට පැවැත්වෙන වැඩ වර්ජනයට එක් නොවී විරෝධතාවක් පමණක් පැවැත්වීමටය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“එක දවසක වැඩවර්ජනයක් හරහා හෙට දවසින් මේ ප්‍රශ්නය විසඳන්න මේ පාලකයින් සංවේදී පිරිසක් නෙමෙයි. ඒ නිසා අපිට ඉදිරියේදී සතියක කාලසීමාවකින් ඔබ්බට ඉතාම තීරණාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන්න වෙනවා. ඒ ක්‍රියාමාර්ගවලට එළඹීමේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය වැදගත් වෙනවා.. මේ රටේ පාලකයින්ට යම් පණිවිඩයක් දෙන්න. එතකොට ඒ අවස්ථාව අපි මෙතෙන්දි ඉතුරු කරගෙන… අපි හෙට දවසේ සහයෝගිතා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.”

මේ අතර තැපැල් වෘත්තීය සමිති සඳහන් කළේ හෙට පැවැත්වෙන වර්ජනයට තමන්ද සහාය දෙන නමුත් ඊට එක් නොවන බවය. දුම්රිය වෘත්තිය සමිති ද හෙට දින වර්ජනයට එක් නොවන අතර විරෝධතාවක් පමණක් පවත්වන බව සඳහන් කළේය.

ගුරු සංගම්ද ද හෙට දිනයේ වැඩවර්ජනයට සහාය පළ නොකරන අතර ඔවුන් කළු පටි පැළැඳ සේවයට වාර්තා කරන බව ප්‍රකාශ කළේය.මේ අතර සියලු බැංකු සේවකයන්ට හෙට දින සේවයට වාර්තා කරන ලෙස ලංකා බැංකු සහ මහජන බැංකු සභාපතිවරුන් දැනුම්දී තිබේ.

ලංකා බැංකු සභාපති නිතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා,

“මේ රට දැන් තියෙන්නේ ආර්ථික වශයෙන් ඉතාමත් අමාරු අවස්ථාවක. මෙවැනි අවස්ථාවක වෘත්තීය සමිති කිහිපයක් හෙට වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. එක දවසක් හරි බැංකු වහලා.. බැංකුවේ ක්‍රියාකාරිත්වය ඇනහිටියොත් එකෙන් මුළු රටටම විශාල අපහසුතාවයක් දැනෙයි.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan