රුසියානු රූබලය වාර්තාගත ලෙස පහත වැටෙයි – ගූගල්ගෙනුනත් රුසියාවට සම්බාධක

Date:

යුක්රේන ආක්‍රමණය හමුවේ ලොව ප්‍රබල රටවල් විසින් රුසියාවට එරෙහිව පැනවූ සම්බාධක හේතුවෙන් මේ වනවිට රුසියානු මුදල් ඒකකය වන රූබලයේ වටිනාකම දැවැන්ත ලෙස කඩාවැටෙමින් තිබෙනවා. දින කිහිපයක් තුළ රූබලයේ වටිනාකම 40% කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කිරීමත් සමග, ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු රටවල් රැසක් රුසියාවට සම්බාධක පැනවීමට කටයුතු කළ අතර රුසියානු මහ බැංකුව සතු ඩොලර් සංචිත වෙනත් රටවලදී භාවිතා කිරීමද අත්හිටුවා තිබෙනවා.

මෙම තත්වය හමුවේ අධිවේගයෙන් රූබලයේ වටිනාකම පහත වැටෙමින් පවතින අතර මෙය රුසියාවේ ජන ජීවිතයට දැඩි බලපෑමක් වනු ඇත.

මේ අතර ගූගල් සමාගම විසින් යුක්රේනයේ සජීවී චන්ද්‍රිකා දර්ශන ලබාදීම අත්හිටුවා තිබෙනවා. රුසියානු ආරක්ෂක අංශ චන්ද්‍රිකා ඡායාරූප යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාර අඩපන කිරීමේ අරමුණින් ගූගල් ප්‍රධානීන් මෙම තීරණයට එළඹ තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...