*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

රුසියාවෙ නම ගෑවුණු ගුවන් යානයකටවත් යුරෝපයට ඇතුළුවීම තහනම් !

රුසියානු ගුවන් යානා සඳහා ගුවන් තහනමක් පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ.

ඒ අනුව, රුසියානු හිමිකාරීත්වය දරන, රුසියාව තුළ ලියාපදිංචි හෝ රුසියාව විසින් පාලනය කරන කිසිදු ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකට යුරෝපා සංගමය නියෝජනය කරන රටවල ගොඩබෑම තහනම් වේ. යුරෝපා ගුවන් කලාපය භාවිතා කිරීමද තහනම් වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අනුව රුසියානු ගුවන් සමාගම් රැසක් යුරෝපා ගමනාන්ත වෙත සිය ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

මේ අතර වසර 03 ක උපරිමයකට යටත් වන පරිදි යුක්රේන ජාතිකයන්ට සරණාගත වීසා නිකුත් කිරීමට යුරෝපා සංගතය තීරණය කර තිබේ. අයදුම්පත් යොමු කිරීමකින් තොරව සරණාගත වීසා ලබා ගැනීමට යුක්රේන ජාතිකයන්ට අවස්ථාව හිමිව තිබෙනවා.

මේ වනවිටත් පෝලන්තය, රුමේනියාව, හංගේරියාව, මෝල්දෝවා, ස්ලෝවැකියාව ඇතුළු රටවල් රැසක් වෙත යුක්රේන සරණාගතයන් 370,000 කට අධික ප්‍රමාණයක් මේ වනවිටත් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේනය සහ රුසියාව අතර අතර සාම සාකච්ඡා සඳහා යළිත් එකඟතාවයකට පැමිණ ඇති අතර ඒ අනුව දෙපාර්ශ්වයේ නියෝජිතයන් යුක්රේන – බෙලරුසියා දේශසීමාවේදී හමුවීමට නියමිතය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan