*
Friday, April 26, 2024
spot_img

Latest Posts

උතුරේ ඉඩම් ගැටලු විසඳීමේ වැඩසටහනේ තවත් අදියරක් ක්‍රියාවට නැංවේ

උතුරේ ඉඩම් ගැටලු විසඳීම සඳහා රජයේ ක්‍රියාවට නංවා ඇති වැඩසටහනේ තවත් අදියරක් අද පැවැත්වීම ( 2022.02.27) සිදුවිය.

ඒ අනුව වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 175 ක් සඳහා ඉඩම් හිමිකම් පත්‍ර ලබා දීම සිදුවිය.

මෙම වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වේ.

පාවෙන බලශක්ති බලාගාර ඉදිකිරීමේ වැඩ පිළිවෙළක් ඉදිරියේදී ඇරඹේ. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඊට මුල් වී කටයුතු කරයි.

වික්ටෝරියා , රන්දෙණිගල හා කොත්මලේ ජලාශ ආශ්‍රිතව සිදුකරන බව අධිකාරියේ සභාපතිවරයා පවසයි.

පාවෙන සූර්ය බල පද්ධති උපකරණ ජලාශ මත සවි ඉකිරීම මගින් ජලාශ වල ඇති ජලය, වාශ්පීකරණය මඟින් ඉවත් වීම 30% ක් දක්වා අඩු වේ. ජලයේ සෑදෙන ඇල්ගී ඉතාමත් අඩු වීමක් දක්නට ලැබේ .

කොළඹ නගරයේ පළලින් වැඩිම පාලම වන පාමංකඩ මංසන්ධියේ ඉදිවන පාලමේ වැඩ මේ වසරේ අප්‍රේල් මස වනවිට අවසන් කරන බව රජය පවසයි. නාගරික සංවර්ධන අධිකාරිය මෙම ඉදිකිරීම් හේතුවෙන් නිවාස අහිමි වන පවුල් වලට නිවාස ලබාදීම මේ වනවිට සිදු කර ඇත. කොළඹ නගරයේ මේ වනවිට තිබෙන මාර්ග තදබදය අඩු කිරීමට මෙම පාලම ඉදිකිරීම අරමුණක් වේ.

හෝමාගම පිටිපන මිනුම් ඒකක , හා ප්‍රමිති කාර්‍යාලයේ අභිනවයෙන් ඉදිකිරීමට කටයුතු සලසා ඇති “රජවාස” වෙළඳ සංකීර්ණය හා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ කාර්‍යමණ්ඩල නේවාසිකාගාරයේ ඉදිකිරීම් පසුගිය දා ආරම්භ විය. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ රජයේ සියලු ආයතන එක වහලක් යටතට ගැනීමයි.

මෙම වෙළඳ සංකීර්ණය මඟින් ප්‍රදේශයේ ජනතාව ට,ශිෂ්‍යයින් හට අපහසුතාවයෙන් තොරව රජයේ වගකීමෙන් යුතු භාණ්ඩ පහසු මිලකට එකම වහලක් යටින් මිල දී ගත හැක. එමෙන්ම ප්‍රඥාබන්ධු පුර ඇති කිරීමේදී එල්ල වන අභියෝගයන් හමුවේ වුවද රජයේ ආයතන රැසක් සහ විශ්ව විද්‍යාල පද්ධතියට අයත් තාක්ෂණික පීඨ වැනි අතිෂය වැදගත් ආයතන රැසක් මෙම ස්ථානයේ ස්ථාපනය කර අවසන් වී ඇත

රට වැසියන්ට අත්‍යාවශ්‍ය ව්‍යාපෘති දියත් කිරීම යුගයේ අවශ්‍යතාව බව රජය තීරණය කර ඇත.පසුගිය යහපාලන රජය වත්මන් නායකත්වයට රට භාරදෙන අවස්ථාවේ ආර්ථික වර්ධන වේගය තිබූයේ ඍණ අගයකය.එය- 2.3 කි එසේ ආගාධයකට ඇද දමා තිබූයේ ඔවුන්ට රට භාර දෙනවිට ආර්ථිකවර්ධන වේගය 7 ට තිබූ රටක්ය.

රට කොවිඩ් වසංගතය හේතුවෙන් තව තවත් ඍණ අගයකට ගමන් ගනිද්දී මේ තරමින් හෝ රට පවත්වා ගෙන යාම සතුටු විය යුතුය . හැකි පමණින් සංවර්ධන කටයුතු ද කරමින් ආර්ථිකය පවත්වා ගැනීමට රජය විශාල කැපවීමෙන් කටයුතු සිදු කරයි….

Sponsored Article
රෂිකා සඳමාලි හෙන්නායක
2022.02.28

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan