ඉදිරි පැය 24 තීරණාත්මකයි – රුසියානු සම්බාධක තවත් දැඩි වෙයි

Date:

රුසියාවට එරෙහිව සම්බාධක පැනවූ රටවල් අතර සිංගප්පූරුව සහ දකුණු කොරියාවද එක්ව තිබෙනවා. සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් අද එරට පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කර තිබෙන්නේ යුක්රේන ජනතාවට එරෙහිව භාවිතා කිරීම සඳහා යුද උපකරණ රුසියානුවන් අතට පත් නොවීම තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

මේ අතර යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ඉදිරි පැය 24 තීරණාත්මක බවයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

යුක්රේනය සහ රුසියාව සාම සාකච්ඡා සඳහා යළිත් එකඟතාවයකට පැමිණ ඇති අතර අද දිනයේදී දෙපාර්ශ්වය බෙලරුසියානු දේශසීමාවේදී හමුවීමට නියමිතය.

මේ වනවිට රුසියානු ආක්‍රමණය හේතුවෙන් යුක්රේන සිවිල් වැසියන් 350 කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබෙනවා. ළමුන් 14 දෙනෙකුද ඒ අතර සිටින බවයි යුක්රේන වාර්තා පවසන්නේ. යුක්රේන ප්‍රහාර හේතුවෙන් රුසියානු සෙබළුන් 4300 කට වැඩි ප්‍රමාණයක් මරණයට පත්ව ඇති අතර ගුවන් යානා සහ යුද ටැංකි විශාල ප්‍රමාණයක්ද විනාශ කිරීමට යුක්රේන හමුදා සමත් වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...