*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

චිචීට ජොනීගෙන් බාල්දියක් !

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ස්ථාපිත කිරීමට නියමිත සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීම නැවත වතාවක් කල්ගොස් ඇති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේදී මෙන්ම 2020 වසරේදීත් මහමැතිවරණ සඳහා තරග කළේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වන අතර වාර්තාගත වැඩිම මනාප සංඛ්‍යාවකින් තමන්ව දිනවූ කුරුණෑගල ජනතාව වෙනුවෙන් සෘජුවම සේවය කිරීම සඳහා ඒ මහතා විසින් මෙම කාර්යාලය පිහිටුවීමට නියමිතව තිබේ. එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීමට නියමිතව ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ය.

පසුගිය මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි ප්‍රචාරක රැස්වීම් විශාල ගණනක් සඳහා රෝහිත රාජපක්ෂ මහතා සහභාගී වූ අතර ඉන් පසුවත් ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතාව නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි විවිධ වැඩසටහන් සඳහා එක්විය.

රෝහිත රාජපක්ෂ මහතා දේශපාලනයට පිවිසෙන බවක් තවමත් ප්‍රකාශයට පත්කර නැතත් මෙම තත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නොසතුටට හේතුවී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. රෝහිතගේ මෙම ක්‍රියාකාරීත්වය ඉදිරියේදී තමන්ට දේශපාලනිකව තර්ජනයක් වියහැකි නිසා දැන්ම තබා ඔහු ඊට බාධා කරමින් සිටින බව සඳහන්.

ඒ අනුව මීට පෙර අවස්ථා කිහිපයක්දීම අග්‍රාමාත්‍යවරයාගේ මෙම කාර්යාලය පිහිටුවීම කල්දැමීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබුණු අතර ඊයේ (27) දිනයේදී එය සිදුකිරීමට නියමිතව තිබුණත් නැවත වතාවක් එය මාර්තු 05 වනදා වනතෙක් කල්යැවීමට ඔහු කටයුතු කර ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් විසින් “හදවතේ නායකයා” වශයෙන් හඳුන්වන මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයාටවත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි දේශපාලන කටයුත්තක නියැළීමට ජොන්ස්ටන් අමාත්‍යවරයා අවස්ථාව නොදෙන්නේ නම් සෙසු අය කෙසේ මීට මුහුණ දෙන්නදැයි එම පක්ෂය තුළින්ම ප්‍රශ්න කෙරෙමින් පවතින බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan