මුදල් ඇමති බැසිල් තවත් නඩුවකින් නිදහස් !

Date:

රජයේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ගොනු කර තිබුණු තවත් නඩුවකින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළේය.

සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් අවභාවිතා කළ බව පවසමින් පසුගිය යහපාලන රජය සමයේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මෙම නඩුව ගොනු කර තිබුණු අතර එය තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාව එම චෝදනාවලින් නිදහස් කිරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ පළමු අගමැතිනි Khaleda Zia ජීවන ගමනින් නික්මෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මහජන ආණ්ඩුවක් අපි හැදුවා. සමාජ පරිවර්තනයත් සිදු වුණා – නි. ඇමති කෞශල්‍යා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මහජන...

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට විශිෂ්ඨ සම්මානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW: People's Excellency Awards 2025...

ධාවන පථයට අමුතුවෙන් සිදු වීමට හානියක් නැත – ක්‍රීඩා අමාත්‍යංශය කියයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: මෙම සංගීත ප්‍රසංගය දෙසැ...