*
Friday, September 20, 2024
spot_img

Latest Posts

යුක්රේන ආක්‍රමණය; යුරෝපයේ පාන් කූඩයට මොකද වෙන්නෙ ?

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා, ඊට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාවකට සැබෑ ජීවිතයේ ප්‍රතිවිපාකවලට මුහුණ දිය හැකි ය – ඒ, ඔවුන්ගේ කෑම මේසයේදීය.

යුක්රේනය ‘යුරෝපයේ පාන් කූඩය’ ලෙස සියවස් ගණනාවක් පුරා ප්‍රකට සිටින්නේ, උතුරු අප්‍රිකාවේ සහ මැදපෙරදිග සිට අග්නිදිග ආසියාව දක්වා රටවලට ධාන්‍ය සපයන ප්‍රධාන සැපයුම්කරුවෙකු ලෙසයි. එම බෝග අතර තිරිඟු ප්‍රධාන වන අතර, යුක්රේනයේ අපනයන මත යැපෙන ජනගහනය සඳහා ප්‍රධාන ආහාර ප්‍රභවයක් ලෙස එය වඩාත් වැදගත් වේ.

“ලෙබනනය යුක්රේන තිරිඟු ටොන් 700,000 ක් ආනයනය කරනවා – එය ඔවුන්ගේ සැපයුමෙන් 50% කට සමානයි,” එක්සත් ජනපදයේ බ්‍රේක්තෲ ආයතනයේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ පර්යේෂණ විශ්ලේෂකයෙකු වන ඇලෙක්ස් ස්මිත් BBC වෙත පැවසීය.

ජාතිය පෝෂණය කිරීම උදෙසා තිරිඟුද තීරණාත්මක වන ලිබියාවට, ඔවුන්ගේ ආනයනවලින් 43% ක් පැමිණෙන්නේ යුක්රේනයෙනි.

“ටියුනීසියාවේ තත්ත්වයත් ඊට සමානයි. ඔවුන් 32%ක් යැපෙන්නේ යුක්රේන තිරිඟු මතයි” ස්මිත් පවසයි.

“සමස්තයක් වශයෙන් ගත්විට, අවම වශයෙන් රටවල් 14 ක් තම තිරිඟු අවශ්‍යතාවෙන් 10% ක් පමණ සපුරාගැනීම සඳහා යැපෙන්නේ යුක්රේනය මතයි.”

අරාබි ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන ආහාරයක් වන්නේ පාන්ය. ගෝලීය තිරිඟු මිල මේ වනවිටත් ඉහළ යමින් පවතින අතර, රුසියාවේ ආක්‍රමණය හේතුවෙන් යුක්රේනයේ තිරිඟු නිෂ්පාදන ධාරිතාවය දැඩි ලෙස අඩාලවනු ඇතැයි යන බිය මතුවී ඇති අතර එය තවදුරටත් මිල ඉහළ යාමට හේතුවී තිබේ.

ඇස්තමේන්තුවලට අනුව, යුක්රේන තිරිඟුවලින් 35% ක් පමණ වගා කරනු ලබන්නේ රටේ නැගෙනහිරින්, කියෙව් අගනුවර සහ රුසියානු දේශසීමාවේ බෙදුම්වාදී ප්‍රදේශ අතර භූමියේය. එය රුසියාවේ ආක්‍රමණයට වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රදේශයකි.

ආක්‍රමණය පිළිබඳ ප්‍රවෘත්තිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යුරෝපයේ තිරිඟු මිල වාර්තාගත ලෙස ඉහළ ගියේය.

යුක්රේනය සහ රුසියාව අතර නවතම ගැටුම මතුවීමට පෙර සිටම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මිළ ඉහළයාම ගැන කලින්ම අනතුරු අඟවා තිබූ අතර, ගෝලීය ආහාර මිල ගණන් 2021 දී වසර 10 කට පසු වාර්තාගත අගයකට පැමිණ ඇතිබව එම සංවිධානය පෙන්වා දෙයි.

උතුරු අප්‍රිකානු රටවල් කිහිපයකට බලපා ඇති කොවිඩ් වසංගතයේ සහ දැඩි නියඟයේ බලපෑමෙන් මිදෙමින් සිටින අරාබි ලෝකයට, යුද්ධය හේතුවෙන් තවදුරටත් මිල ඉහළ යාමෙන් දැඩි ලෙස පීඩාවට පත්වීමට සිදුවිය හැක.

යුරෝපීය ජාතීන්ට මෙන් හැකි තරම් මිල ඉහළයාම් දරා ගැනීම සඳහා රජයට මූල්‍ය සම්පත් නොමැති කලාපයේ වඩාත්ම සුලබ අඩු වියදම් ආහාර ප්‍රභවය වන්නේ පාන්ය.

කලාපයේ විශේෂඥයෝ, 2011 අරාබි වසන්ත විරෝධතා පිටුපස ඇති එක් සාධකයක් ලෙස ආහාර මිල ඉහළයාම පිළිබඳ මහජන කෝපය බොහෝවිට උපුටා දක්වති.

රුසියානු අපනයන

යුක්රේනය හැරුණු විට, ලෝක වෙළඳපොළට තිරිඟු සපයන තවත් ප්‍රධාන සැපයුම්කරුවෙකු වන රුසියාව පසුගිය වසර 20 තුළ 50% ක් ආහාර ආනයනය කරන්නෙකු වීමේ සිට ශුද්ධ අපනයනකරුවෙකු බවට පත්ව ඇත.

තිරිඟු අපනයනකරුවෙකු ලෙස පස්වන ස්ථානයේ සිටින යුක්රේනයට වඩා රුසියාව වසරකට ටොන් මිලියන 35 දක්වා අපනයනය කරමින්, ලොව ප්‍රමුඛතම තිරිඟු නිෂ්පාදකයා බවට පත්ව තිබේ.

යුක්රේන ආක්‍රමණය ක්‍රියාත්මක වනවිට රුසියානු තිරිඟු සඳහා ඇති ඉල්ලුම තියුණු ලෙස ඉහළ යා හැකි අතර, එය ආහාර සුරක්ෂිතතා ගැටලුව තවදුරටත් තීව්‍ර කරනු ඇත.

ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ දත්ත සපයන වෙබ් අඩවියක් වන Observatory of Economic Complexity (OEC) විසින් නිකුත් වූ 2019 වාර්තාවකට අනුව, රුසියාව සහ යුක්රේනය එක්ව ලෝකයේ තිරිඟු අවශ්‍යතාවෙන් හතරෙන් එකක් පමණ සපයනු ලබයි.

ලොව විශාලතම තිරිඟු ආනයනය කරන්නා වන ඊජිප්තුවට එය කණස්සල්ලට කරුණකි.

ඊජිප්තුවේ ප්‍රධාන තිරිඟු සැපයුම්කරු රුසියාවයි. එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවට අනුව රුසියාව ඔවුන්ගේ තිරිඟු අවශ්‍යතාවෙන් 80% ක් පමණ සපයන අතර සෙසු අවශ්‍යතාව සපුරනු ලබන්නේ යුක්රේනයයි.

කැබිනට් ප්‍රකාශක නාදර් සාද් උපුටා දක්වමින් අල් අහ්රාම් පුවත්පත වාර්තා කළේ, රුසියානු – යුක්රේන අර්බුදය රටේ තිරිඟු සැපයුම කඩාකප්පල් කළහැකි බවට අනතුරු අඟවමින්, පාන් පරිභෝජනය සලාක කරන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටි බවයි.

බඩ ඉරිඟු ගැන උනන්දුව

තිරිඟු සම්බන්ධයෙන් බොහෝ රටවලට ඇති සමාජ හා දේශපාලන සම්බන්ධය නිසා තිරිඟු පිළිබඳව වැඩි සැලකිල්ලක් පැවතියද, යුක්රේනයේ අනෙකුත් ප්‍රධාන කෘෂිකාර්මික බෝගවල මිලද ඉහළ යාමේ අවදානමක් ඇත. රොයිටර් වාර්තාවක් පෙන්වා දෙන්නේ, සූරියකාන්ත තෙල් සපයන ලොව ප්‍රමුඛතම සැපයුම්කරුවා යුක්රේනය වන අතර ගෝලීය බඩ ඉරිඟු අපනයනයෙන් 16% කට යුක්රේනය හිමිකම් කියන බවයි. චීනයේ බඩ ඉරිඟු ආනයනයෙන් 90% ක් පමණ පැමිණෙන්නේ යුක්රේනයෙනි.

යුක්රේනයේ තිරිඟු අපනයනය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී වේගවත් වන නමුත්, බඩ ඉරිඟු නැව්ගත කිරීම වඩාත් හදිසි කාරණයක් වී තිබේ. ආක්‍රමණය ආරම්භවීමට පෙර, යුක්රේනයේ අපේක්ෂිත බඩ ඉරිඟු පරිමාවෙන් අඩකට වඩා විදේශයන්ට නැව්ගත කිරීම සඳහා සකස්කෙරුනේ ඉදිරි මාස පහ තුළය.

ඇලෙක්ස් ස්මිත් පවසා සිටියේ, යුක්රේනයේ සහ රුසියාවේ කෘෂිකර්මාන්තයට යුද්ධයෙන් ඇතිවන බලපෑම පිළිබඳව ලෝකය සමීපව අවධානයෙන් සිටිය යුතු බවයි.

“රුසියාව සහ යුක්රේනය පිළිබඳ ඇති සංවාදය බොහෝ දුරට තෙල් හා ගෑස් මත කේන්ද්‍රගත වෙලා තියෙනවා, නමුත් සිතීමට අවශ්‍ය කාරණය තමා ආහාර සුරක්ෂිතතාව,” ඔහු BBC වෙත පැවසීය.

  • BBC සිංහල

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan