තැන් තැන්වල දිවුරන්න ඕනේ නැහැ.නීතිය ඉදිරියට ඇවිත් නිර්දෝෂී බව ඔප්පු කරන්න – කතෝලික සභාවෙන් හිටපු ජනපතිට ප්‍රතිචාර (VIDEO)

පාස්කු ප්‍රහාරය ගැන තමන් කිසිවක් දැන සිටියේ නැති බවට තැන් තැන්වල දිවුරීමට අවශ්‍ය නොවන අතර නීතිය ඉදිරියට පැමිණ තමන්ගේ නිර්දෝෂිභාවය ගැන සත්‍ය ප්‍රකාශයක් සිදුකළ හැකි බව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා අවධාරණය කළේය.

ඒ, අද (28) අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව මේ ප්‍රශ්න විසඳා ගත යුත්තේ නීතිය ඉදිරිපිට බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිෂන් සභා වාර්තාව මඟින් 30 දෙනෙකුට පමණ ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ ඉදිරිපත් කර තිබෙන නමුත් එම නිර්දේශ ඉටු නොවීම ප්‍රශ්න සහගත බව ද උන්වහන්සේ කියාසිටියහ.

මෙවැනි පසුබිමක හිටපු ජනාධිපතිවරයා කළ යුත්තේ තැන තැන ගොස් දිවුරීම නොව නීතිය ඉදිරිපිට තමන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරීම බව සිරිල් ගාමිණි පියතුමා වැඩිදුරටත් සඳහන් කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...