ජනතාවට දැන් තේරිලා, විකල්පය වීමට එජාපය සූදානම් – රනිල්

Date:

දුන් පොරොන්දු ඉටුකර ගත නොහැකිව ආණ්ඩුව අසමත් වී ඇති බවත්, එම අසමත්කම හමුවේ ජනතාව විකල්පයක් සොයමින් සිටින බවත් එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එජාප ජ්‍යෙෂ්ටයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.

ජාත්‍යන්තරයේද සහාය ඇතිව රට ඉදිරියට ගෙන යා හැකි එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය බව ජනතාවට තේරුම් කළයුතු කාලය එළඹ ඇති බවයි එජාප නායකයා සිය ජ්‍යෙෂ්ටයන් වෙත අවධාරණය කර තිබෙන්නේ. විකල්ප වැඩපිළිවෙලක් සඳහා බලය ලබා ගැනීමට එජාපය සූදානම් වියයුතු බවද ඔහු පවසා තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන්ද එජාප නායකයා දීර්ඝ ලෙස කරුණු දක්වා තිබෙනවා. එහිදී ඔහු පවසා තිබෙන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 115 ක් දක්වා ඉහළ යා හැකි බවයි.

මේ වනවිට එංගලන්තයද පවුම් දෙකකට ආසන්න ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ දමන බවට නිවේදනය කර ඇති බව පෙන්වා දෙන එජාප නායකයා පවසන්නේ සමස්ත ලෝකයටම ඉන්ධන අර්බුදයකට මුහුණදීමට සිදුව ඇති බවයි.

මේ වනවිටත් ශ්‍රී ලංකාව දැවැන්ත බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින බවත් ඉදිරියේදී ඉන්ධන මිල වැඩිකිරීම අනිවාර්යෙන්ම සිදුවන බවත් ඔහු සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එකට නැගිටිමු: විපක්ෂය ආණ්ඩුවට සද්දයකුත් දමා පාර්ලිමෙන්තුවෙන් පිට වෙයි. රනිලුත් පක්ෂ නායක හමුවක් කඳවලා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය භේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබුණු පාර්ලිමේන්තු...

ප්‍රවේශම් වන්න : වසංගත රෝග අත ළඟ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  මේ වන විට, ජල...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : ශ්‍රී ලංකා ගුවන්...

ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත යන්න එපා – NBRO ජනතාවගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරක්ෂාව තහවුරු කරන තෙක් නැවත නිවෙස්වලට නොයන...