විස්සයි විස්ස ජාත්‍යන්තර වේගවත්ම ශතකයේ හිමිකම ජාන් නිකොල්ට..

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 28 කොළඹ (LNW):ජාත්‍යන්තර එක්දින පිටියේ වේගවත්ම විස්සයි විස්ස ශතකයේ හිමිකාරීත්වය නැමීබියාවේ ජාන් නිකොල් ලොට්ෆි – ඒට්න් ( Jan Nicol Loftie-Eaton) හිමි කර ගත්තා. ඒ නේපාලයේ මේ දිනවල පැවත්වෙන නේපාල,නෙදර්ලන්ත සහ නැමීබියාව සහභාගි වන තුන් කොන් ක්‍රීකට් තරගාවලියේදී සත්කාරක පිළට එරෙහිව පන්දු 33 දී ශතකයක් වාර්තා කරමින්. විශේෂත්වය වන්නේ ඊට පෙර එම ශතක වාර්තාවේ හිමිකරු වූයේ නේපාල ක්‍රීඩක කුෂාල් මල්ලා වීමයි.ඔහු ඉකුත් වසරේදී චිනයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී එම දස්කම සිඳුකළේ මොංගෝලියානු කණ්ඩායමට හරෙහිව පන්දු 34 ක් ඇතුළතයි.


කුෂාල් මල්ලා ට පෙර එම වාර්තාව ක්‍රීඩකයින් තිදෙනෙක් අතර බෙදී සම සමව තිබුණා.ඩේවිඩ් මිලර් (දකුණු අප්‍රිකාව) සහ රෝහිත් ෂර්මා (ඉන්දියාව) ඉන් දෙදෙනෙක් වෙනවා.තෙවැන්නා වන්නේ ගාල්ල නෙළුව ප්‍රදේශයෙන් හොඳින් පහසුකම් සහිත ක්‍රිකට් ක්‍රීඩාවක පහස විඳීමට අහිමි වූ මේ වන විට චෙක් ජනරජ කණ්ඩායම නියෝජනය කරන සුදේශ් වික්‍රමසේකරයි.ඔවුන් තිදෙනාම පන්දු 35 ක් තුළ වේගවත්ම ශතකය ලබා ගනිමින් එම වාර්තාව තබා තිබුණා.

මිලර් බංගලාදේශයට එරෙහිවත්,ෂර්මා ශ්‍රී ලංකාවට එරෙහිවත් මේ දස්කම සිඳු කර තිබුණු අතර චෙක් පුරවැසි ලාංකිකයා එම දක්ෂතාවය දක්වා ඇත්තේ තූර්කි ජාතික කණ්ඩායමට එරෙහිවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්ඔය සුළු ගංවතුර තත්ත්වයක් – මඩකලපුවට ගංවතුර අවදානමක්!

කොළඹ LNW:ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු...

Sri Lanka Economic Summit 2025 දෙසැම්බර් 2 සහ 3 යන දිනවලදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : දෙසැම්බර් 2 සහ...

“වසරේ ගෝලීය වෙළඳ නාමය”බ්‍රවුන්ස් SUMO WORLD රන් සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : බ්‍රවුන්ස් කෘෂිකර්මාන්තය මෑතකදී...

දෑස නොපෙණුනත් ක්‍රිකට්වලින් ලෝකය ජය ගත හැකියි – 0714098507 හෝ 0773589997 දුරකථන අංක අමතන්න

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: වැඩි පෙණුමක් නැතුව වැඩි...