විදුලි බිල අඩුකිරීම සම්බන්ධ අවසන් තීරණය අද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW):අද (28) දින විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත්, විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබු යෝජනාවට අනුව නව ගාස්තු සංශෝධනය 18%කින් පමණ අඩුවීමක් සිදුවනු ඇති බවට වාර්තා වේ.

විදුලි බල මණ්ඩලය යොමුකළ විදුලි ගාස්තු අඩුකිරීමේ නව යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ රැස්වීමක් අද (28) පැවැත්වෙන බව සඳහන් වේ.

එහිදි විවිධ පාර්ශවලින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගන්නා බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ වැඩිකළ විදුලි බිල එම ප්‍රතිශතයෙන්ම අඩුකිරීමට විදුලි බල මණ්ඩලය යෝජනා කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේය. මේ අනුව විදුලි බිල අඩුකිරීම සම්බන්ධ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...