(VIDEO):”ආණ්ඩුවත් එක්ක අපේ කතාවක් නැහැ. ගෑවුණ කෙනෙක්වත් එපා” – චරිතට රාජපක්ෂලයි පොහොට්ටුවයි තිත්තම වෙලා.

කොළඹ LNW: එක්සත් ජනරජ පෙරමුණේ දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන යටතේ අද (28) නිදහස් ජනතා සභාව සමඟ සාකච්ජාවක් පැවති අතර එහිදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් නිදහස් ජනතා සභාව වෙත ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීය.

මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිදහස් ජනතා සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ රට ගොඩනගන පොදු වැඩපිළිවෙලක් වෙනුවෙන් විපක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන අතර ආණ්ඩු පක්ෂය සමඟ නම් කිසිදු කතාවක් අවශ්‍ය නොමැති බවයි.

මෙතෙක් කාලයක් රට තුළ ක්‍රියාත්මක වූ පරණ දේශපාලන ආකෘතිය වෙනස් විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...