‘No Other Land’ සම්මානලාභියාට මරණ තර්ජන!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජර්ම­නියේ බර්ලින් නුවර පසු­ගි­යදා පැවැති බර්ලින් ජාත්‍ය­න්තර  චිත්‍ර­පට උලෙ­ළේදි , ගාසා  තීරයේ වර්ණ­භේ­ද­වා­දය හෙළා දකින බව­ටත්, වහාම සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත්  කළ යුතු බව­ටත්ප්‍රකාශ කළ ඊශ්‍රා­යල චිත්‍ර­පට අධ්‍යක්ෂ යූවාල් ඒබ්‍ර­හම්ට  මරණ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බර්ලින් චිත්‍ර­පට  උලෙ­ළේදී පල­ස්තීන චිත්‍ර­පට අධ්‍යක්ෂ බාසෙල් ඇඩ්‍රා සමඟ එක්ව ඔහු විසින්  නිර්මා­ණය කරනු ලැබූ ‘No Other Land‘ හොඳම වාර්තා චිත්‍ර­ප­ට­යට හිමි සම්මා­නය  දිනා ගත්තේය. එම චිත්‍ර­ප­ටය ඊශ්‍රා­යල බල­ධා­රින් අත්පත් කර­ගත් පල­ස්තීන භූමියේ  ජන­තාව සහ නිවාස ඉවත් කිරීම පාදක කර­මින් නිර්මා­ණය වී ඇති අතර, සම්මාන  ලැබී­මෙන් පසු ඔහු විසින් එම ප්‍රකා­ශය සිදු කර තිබේ.

මරණ තර්ජන එල්ලවීම  හේතු­වෙන් බර්ලි­නයේ සිට නැවත ඊශ්‍රා­ය­ලය බලා යෑමට ගත් ගුවන් ප්‍රවේ­ශ­ප­ත්‍රය  අව­ලංගු කළ බවත්, එම ප්‍රකා­ශ­යෙන් පසු ආයුධ සන්නද්ධ මැර පිරි­සක් ඔහු සොයා  ඊශ්‍රා­ය­ලයේ පිහිටි ඔහුගේ නිවෙ­සට ගොස් ඇති බවත් යූවාල් ඒබ්‍ර­හම් මාධ්‍ය­යට  ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...