එක්සත් ජනපද සෙනෙට් සභාවේ රිපබ්ලිකන් නායක ධූරය වෙනුවෙන් ජෝන්වරු අතර තරඟයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 29,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද සෙනෙට් සභාවේ රිපබ්ලිකන් නායක ධූරයෙන් තමා නොවැම්බර් මාසයේදී ඉවත් වීමට නියමිත බව මිච් මැක්කොනෙල් නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ දකුණු ඩැකෝටා හි බලවත් අරමුදල් සම්පාදකයෙකු සහ පළපුරුදු දේශපාලන චෙස් ක්‍රීඩකයෙකු ලෙස ගෞරවයට පාත්‍ර වී සිටින සෙනෙට් සභික ජෝන් තුනේ, 2013 සිට 2019 දක්වා රිපබ්ලිකන් කසකරු ලෙස කටයුතු කළ ටෙක්සාස්හි ජෝන් කෝනින් සහ වයෝමිං හි විකලාංග ශල්‍ය වෛද්‍යවරයකු වන ජෝන් බැරාසෝ අතර තරඟයක් ඇතිව ඇති බව වාර්තා වේ.

82 හැවිරිදි මිච් මැක්කොනෙල් පසුගිය සතියේ නිල වශයෙන් එන නොවැම්බරයේ තමා ධුරයෙන් ඉවත්වන බවත්, ඊළඟ පරම්පරාවේ නායකත්වය සඳහා මෙය කාලය බවත් ප්‍රකාශ කර තිබිණි.

ඔහු වසර 17කත ආසන්න කාලයක් එක්සත් ජනපද ඉතිහාසයේ දීර්ඝතම කාලයක් සේවය කළ සෙනෙට් නායකයා වූ අතර මේ වන විට ඔහු විවිධ සෞඛ්‍ය ගැටළු වලින් පිඩා විඳිමින් සිටියි.

 #OUTBOUNDTODAY.COM #mainslider #එක්සත් ජනපදය #outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...