ඉම්රාන් ඛාන්ගෙන්  බන්ධ­නා­ගා­රයේ සිට IMF වෙත ලිපියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අග­මැති ඉම්රාන් ඛාන්  බන්ධ­නා­ගා­රයේ සිට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලට ලිපි­යක් යවා ඇතැයි විදෙස්  මාධ්‍ය වාර්තා කළේය.

පාකි­ස්තාන  මහ­මැ­ති­ව­ර­ණ­යේදී සිදුවූ අක්‍ර­මි­කතා පිළි­බඳ පරී­ක්ෂ­ණ­යක් පව­ත්ව­න­තුරු ඩොලර්  බිලි­යන 3ක ණය මුදල් නිද­හස් නොක­රන ලෙස ඉල්ලමිණි.

ඔහුගේ පාකි­ස්තාන ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ නියෝ­ජිත අලි  සෆාර් රාව­ල්පිණ්ඩි බන්ධ­නා­ගා­ර­යේදී ඉම්රාන් ඛාන් මුණ ගැසී­මෙන් පසු මේ බව  මාධ්‍ය­යට ප්‍රකාශ කර ඇති අතර, මැති­ව­රණ දූෂ­ණය සම්බ­න්ධව ස්වාධීන විග­ණ­න­යක්  සිදු කරන ලෙසත් සිය නාය­කයා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලින් ඉල්ලා ඇති බව වාර්තා කර ඇත.

මැති­ව­ර­ණය  පැවැති පෙබ­ර­වාරි 8 වැනිදා රාත්‍රිය වන විට පරා­ජ­යට පත්ව සිටි අපේ­ක්ෂ­ක­යන්  රැසක් පසු­දින අලු­යම වන­විට ජය­ග්‍රා­හ­ක­යන් බවට පත්වීම පුදුම සහ­ගත බවත්, මෙවැනි  මැති­ව­රණ දූෂ­ණ­ව­ලින් රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ස්ථාපිත කළ නොහැකි බවත් ඔහු  ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එබැ­වින් ණය මුදල නිද­හස් කිරී­මට පෙර  පාකි­ස්තා­නයේ මැති­ව­රණ දූෂ­ණය පිළි­බඳ පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන ලෙස ඉම්රාන් ඛාන්  ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙන් එම ඉල්ලීම කර ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවිධිමත් රැකියාවල නියැලෙන්නන් වෙනුවෙනුත් විශ්‍රාම වැටුපක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජන­ග­හ­න­යෙන් තුනන් දෙකක් වන අවි­ධි­මත් රැකි­යා­වන්හි නියැ­ළෙ­න්නන්...

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...