පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා, කාලගුණය අනතුරු අඟවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW): උෂ්ණ කාලගුණයක් පවතින දහවල් කාලයේ හැකිතාක් එළිමහනේ කටයුතු කිරීම අවම කරන ලෙසත්, පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා පවතිනු ඇති බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, පවතින උණුසුම් කාලගුණයට හේතුව සුළගේ වේගය අඩුවීම හා වළාකුළු අහසේ අඩුවීම බවයි.

උණුසුම් තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ නිදන්ගත රෝගීන් විජලනයෙන් ආරක්ෂා කරගන්නා ලෙසට වෛද්‍යවරුන් ඉල්ලා සිටි. මෙහිදී, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් වේ.

මේ අතර අද (29) සහ හෙට (01) උෂ්ණත්වය අධික අවස්ථාවන්හි එළිමහනේ ළමුන් රැඳවීමෙන් වළකින්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත උපදෙස් දී ඇති අතර, ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු, ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලට ළමුන් යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

තවද, අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇතිබව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...