*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW): වැලිපැන්න පැලකැටියාගොඩ, හොරවල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පැලකැටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සිව්දරු පියෙකු බව පොලිසිය පවසයි.

මරණයට පත් පුද්ගලයා පැලකැටියාගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අසල රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු හා බහින්බස්වීමක් සිදුවී ඇති බවත්,ඉන් අනතුරුව ඉන්පසුව එම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු එකවරම මරණකරු වෙත පිහි ප්‍රහාරයක් එල්ල කොට ඇති අතර, එම පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එම පුද්ගලයා අසල පිහිටි නිවසක් වෙත දිව ගොස් තිබේ.

ඉන් පසුව ඔහු එම නිවස මිදුලේ ඇද වැටීමත් සමගම මොවුන් දෙදෙනා පිහි පාරවල් කිහිපයක්ම මරණකරුගේ උදරය ප්‍රදේශයට සහ පපු ප්‍රදේශයට එල්ල කොට ඇත ඇති අතර ඉන්පසු එම පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, මෙම පිහි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තරිදු ධනංජය බරපතළ තුවාල ඇතිව ප්‍රදේශවාසීන් විසින් ඔහුව මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කර තිබේ.

වෑත්තෑව රෝහල සඳහන් කළේ, රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan