සුපිරි නළු­වකුගේ නිවසින් තුවක්කු 72ක් සහ  ජීව උණ්ඩ 3000කට වැඩි ප්‍රමා­ණ­යක් සොයා ගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ  සින­මාවේ හිටපු සුපිරි නළු­වකු වන ඇලේන් (Alain Delon) ඩෙලෝන්ගේ නිවෙ­සින් තුවක්කු 72ක් සහ  ජීව උණ්ඩ 3000කට වැඩි ප්‍රමා­ණ­යක් සොයා ගත් බව එරට පොලි­සිය ප්‍රකාශ කර ඇතැයි  වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳ­හන් කළේ, පැරිස් නුවර සිට කිලෝ­මී­ටර් 135ක් දුරින් පිහිටි මොන්ට්කෝ­බොන්  පළාතේ ඩෙලෝන්ගේ නිවෙ­සට යාබ­දව ඉදිකර තිබූ වෙඩි තැබීම් පුහු­ණු­වීමේ ස්ථාන­යක් ද  සොයා­ගෙන ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ. 88 හැවි­රිදි මේ සිනමා නළු­වාට  තුව­ක්කු­වක් භාවිත කිරී­මට හෝ ළඟ තබා ගැනී­මට කිසිඳු අව­ස­ර­ප­ත්‍ර­යක් නැති බවයි.

ප්‍රංශ සින­මාවේ ස්වර්ණ­මය යුග­යේදී අති­ශය  ජන­ප්‍රිය තරු­වක් බවට පත්ව සිටි ඩෙලොන්ගේ නිවෙස සෝදිසි කිරී­මට අධි­ක­රණ නියෝග  ලැබී තිබූ අතර, ඔහුට විරු­ද්ධව නඩු පව­රනු ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...