ඊශ්‍රායල් – හමාස් යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 30,000 ඉක්මවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 29,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කරගෙන ඔක්තෝබර් 7 වන දින දියත්කළ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායල් හමුදාවේ ප්‍රහාර හේතුවෙන් ගාසා තිරයේ මියගිය සංඛ්‍යාව 30,000 ඉක්මවා ඇති බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ. එහි තුවාල ලැබුවන් සංඛ්‍යාව 70,325කි.

මෙම මියගිය අය අතර 16,000ක් කාන්තාවන් හා ළමුන් වේ.

ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන පරිදි මිලියන භාගයකට වැඩි ජනතාවක් සාගතයේ අද්දර සිටියි. මේ වන විට කමල් ඇඩ්වාන් සහ අල්-ෂිෆා රෝහල්වල විජලනය සහ මන්දපෝෂණය හේතුවෙන් දරුවන් හය දෙනෙකු මියගොස් ඇති අතර තවත් විශාල පිරිසකගේ තත්වය අවධානම් බව පැවසේ.

මෙම තත්වය පාරිසරික ව්‍යසනයක් සහ දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් නෝර්වීජියානු සරණාගත කවුන්සිලය විස්තර කර ඇති අතර ඔක්තෝම්බර් මාසයේදී අපජල පවිත්‍රාගාර සම්පූර්ණයෙන් වසා දැමීම හේතුවෙන් දිනකට පිරිසිදු නොකළ අපද්‍රව්‍ය ඝන මීටර් 130,000 කට වඩා වැඩි ප්‍රමාණයක් මධ්‍යධරණී මුහුදට මුදා හැරීමට හේතු වී ඇති අතර එය බරපතල පාරිසරික අනතුරක් ලෙසයි සඳහන් වන අතර එය ගාසා තීරයේ ළමා රෝගාබාධ සඳහා මූලික හේතුව බවට විශ්වාස කෙරේ.

යුද්ධයෙන් අවතැන් වූ විශාල පිරිසක් මේ වන විට පාසල් වල ලැගුම්ගෙන ඇති අතර ඇති අතර අධික තදබදය හේතුවෙන් ඔවුන් අතර පෙනහළු ආසාදන සහ බඩවැල් ආශ්‍රිත රෝගාබාධ, උණ වැනි රෝග සහ ආසාදන රාශියක් ව්‍යාප්ත වෙමින් පවතියි. විදුලිය හා පිරිසිදු ජලය නොමැතිකම මෙම තත්වයන් තවත් උග්‍ර කර ඇත.

හමාස් ප්‍රහාරයෙන් අනතුරුව, ඊශ්‍රායලය ගාසා තීරයට මාසයකට වැඩි කාලයක් වැටලීමක් දියත් කළ අතර ගාසා තීරයේ ප්‍රධාන ජල නල මාර්ග තුනම ඊශ්‍රායලය මඟින් පාලනය වීමත් සමඟ ඔක්තෝබර් 8 වැනිදා සිට ඊශ්‍රායලයේ සිට උතුරු ගාසා තීරයට යන නල මාර්ගය වසා දමා ඇත. මෑත දිනවලදී ඊජිප්තුව සමඟ රෆා හරස් මාර්ගය හරහා යම් අහාර ද්‍රව්‍ය ලැබුන මුත්, ඉන්ධන ඇතුළුවීම දිගටම තහනම් කර ඇති අතර මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නියෝජිතයන් ප්‍රකාශ කර තිබුණේ, ආධාර ලබා දීමට සිය රජය සලකා බලමින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...