මෙක්සිකෝව විසින් නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 29 දෙනෙකු එක්සත් ජනපදයට බාර දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙක්සිකෝව විසින් එක්සත් ජනපදයට අත්‍යවශ්‍යව සිටි රෆායෙල් කැරෝ ක්වින්ටෙරෝ ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරවන් 29 දෙනෙකු බාර දී ඇති බව FBI (Federal Bureau of Investigation )සංවිධනය ප්‍රකශ කර තිබේ.

මේ සමබන්ධයෙන් මෙක්සිකානු නීතිපති කාර්යාල සඳහන් කර තිබුණේ, මෙම ක්‍රියාව ජාතීන් දෙකෙහිම ස්වෛරීභාවයට ගරු කිරීමේ රාමුව තුළ සම්බන්ධීකරණය, සහයෝගීතාවය සහ ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ප්‍රයත්නවල කොටසක් වන බවයි.

නීතිපති පමෙලා බොන්ඩිගේ ප්‍රකාශයකින් සිරකරුවන් 29 දෙනා අත්අඩංගුවට ගත් බව එක්සත් ජනපදය තහවුරු කර ඇති අතර ඔවුන් රඳවා සිටින්නේ කොතැනද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා නොවේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයන් 29 දෙනාටම එරෙහිව ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, නීති විරෝධී ගිනි අවි භාවිතය සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා එල්ල කෙරෙනු ඇති අතර වසර ගණනාවකට පසු මෙක්සිකෝවේ විශාලතම සිරකරුවන් භාරදීම මෙය වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

එකසත් ජනපද ජනාධිපත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාලනය කිරීමට මෙක්සිකෝව අසමත් වීම හා මෑත වසරවල එක්සත් ජනපදයට අධික ලෙස ෆෙන්ටැනයිල්, කෘතිම ඔපියොයිඩ් ගලා එම සම්බන්ධයන් මෙක්සිකානු ආනයන සඳහා සියයට 25 ක තීරුබදු ක්‍රියාත්මක වීමට දින කිහිපයකට පෙර මෙම භාරදීම සිදු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...