මෙක්සිකෝව විසින් නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 29 දෙනෙකු එක්සත් ජනපදයට බාර දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙක්සිකෝව විසින් එක්සත් ජනපදයට අත්‍යවශ්‍යව සිටි රෆායෙල් කැරෝ ක්වින්ටෙරෝ ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරවන් 29 දෙනෙකු බාර දී ඇති බව FBI (Federal Bureau of Investigation )සංවිධනය ප්‍රකශ කර තිබේ.

මේ සමබන්ධයෙන් මෙක්සිකානු නීතිපති කාර්යාල සඳහන් කර තිබුණේ, මෙම ක්‍රියාව ජාතීන් දෙකෙහිම ස්වෛරීභාවයට ගරු කිරීමේ රාමුව තුළ සම්බන්ධීකරණය, සහයෝගීතාවය සහ ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ප්‍රයත්නවල කොටසක් වන බවයි.

නීතිපති පමෙලා බොන්ඩිගේ ප්‍රකාශයකින් සිරකරුවන් 29 දෙනා අත්අඩංගුවට ගත් බව එක්සත් ජනපදය තහවුරු කර ඇති අතර ඔවුන් රඳවා සිටින්නේ කොතැනද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා නොවේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයන් 29 දෙනාටම එරෙහිව ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, නීති විරෝධී ගිනි අවි භාවිතය සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා එල්ල කෙරෙනු ඇති අතර වසර ගණනාවකට පසු මෙක්සිකෝවේ විශාලතම සිරකරුවන් භාරදීම මෙය වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

එකසත් ජනපද ජනාධිපත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාලනය කිරීමට මෙක්සිකෝව අසමත් වීම හා මෑත වසරවල එක්සත් ජනපදයට අධික ලෙස ෆෙන්ටැනයිල්, කෘතිම ඔපියොයිඩ් ගලා එම සම්බන්ධයන් මෙක්සිකානු ආනයන සඳහා සියයට 25 ක තීරුබදු ක්‍රියාත්මක වීමට දින කිහිපයකට පෙර මෙම භාරදීම සිදු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...