අද (01) සිට යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ!

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ (LNW):

අද (01) සිට යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබෙන බව වාර්තා වේ.

පසුගිය දින දෙක තුළ ඇදහැළුණු මහවැසි හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බව, වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේය. තවද, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් තිබෙන බවද වාර්තා වේ.

වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ, තවත් බොහෝ වැව් මේ වන විට පවතින්නේ පිටාර මට්ටමේ බවයි .

අද සිට වැසි තත්ත්වය පහව යන තෙක් , වනසතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් යාල ජාතික වනෝද්‍යානය තබන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...