මේ වන්ඩේ මැච් එක අපි දිනනවා. රනිල් ඔයා බලාගෙන ඉන්න ඊට පස්සේ යන්නේ ටෙස්ට් මැච් එකක්! (VIDEO)

Date:

අද පෙ.ව.07.00 සිට හෙට පෙ.ව. 07.00 දක්වා ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නැව් 08ක ගොඩ බෑමේ කටයුතුවලට සහ වරායෙන් පිටවීමට තිබුණු නැව් වල කටයුතුවලට දැඩි බාධාවන් එල්ලවන බවත් එමඟින් වරායට කෝටි ගාණක පාඩුවක් සිදුවන බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සියලු සේවකයින් සහය දක්වා තිබෙන බවයි ගොරකානගේ මහතා පැවසුවේ.

අද සිදුවන අපහසුතාවන් වෙනුවෙන් අදාළ සමගම සහ ව්‍යාපාරිකයින්ට කණගාටුව පළකරන බවද ගොරකානගේ මහතා කියාසිටියේය.

අද දිනයේ ක්‍රියාත්මක මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජය යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉදිරි සතියේදී බරපතල ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බව හෙතෙම අවධාරණය කළේය.

”අත්‍යවශ්‍ය සේවා නිවේදනයෙන් දක්වා නැහැ අසාධාරණ අනීතික බදු පනත හේතුවෙන් ජීවත් වෙන ආකරය. ජනාධිපතිටම එය ගහගන්න කියා කියනවා. අපි එය පිළිගන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවා නියෝග කඩනවා. ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. අද මේ ගැන නිසි ලෙස බැලුවේ නැත්නම් ආණ්ඩුවට බරපතල ප්‍රශ්න වලට ඉදිරි සතියේදී මුහුණ දෙන්න සිදුවෙයි.
වරාය අකර්මන්‍ය කරනවද නැද්ද කියන තීරණය තියෙන්නේ ජනාධිපතිගේ අතේ. අද කටයුතු නිසි ලෙස සිදුවෙන බවට වරායේ මාධ්‍ය ඒකකය යොදාගෙන සියලුම අංශ වල ඊයේ පටිගත කරලා තිබුණා. ලැජ්ජයි මේ වැඩගැන. ඒ අනුව අද වරාය වැඩ කියල රූපවාහිනියෙන් දැක්කොත් එය සම්පූර්ණ අසත්‍යක්. එය ඊයේ පටිගත කළ දර්ශන. මේ වන්ඩේ මැච් එක අපි දිනනවා. ඊට පස්සේ යන්නේ ටෙස්ට් මැච් එකක්.” යනුවෙන් ගොරකානගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...