*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/01

  1. 2016 ජනවාරි සිට බඳවා ගත් රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ජාතික දායකත්ව විශ්‍රාම අරමුදලක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරයි – ඒ අනුව, මෙම අරමුදලට රැකියාවට බඳවා ගත දිනයේ සිට මූලික වැටුපෙන සියයට 08 ක් ද, සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් සියයට 12 ක් ද බැරවීමට නියමිත ය.
  2. අද දින තම සේවාදායකයන්ට සේවාවන් ලබා දෙන බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරු පවසති – අද දින රට පුරා වැඩ වර්ජන ක්‍රියාත්මක වූව ද, බැංකු පද්ධතිය අකර්මන්‍ය නොවන බව පවසති – රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දීම සියලුම රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් බවත්, බැංකු සේවකයන්ද එය ඉටු කරනු ඇති බවටත් විශ්වාසය පළ කරති.
  3. පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වෙන් කළ නොහැකි බවට දැනුම් දෙමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ ලිපියකට අදාළව විමර්ශනයක් දියත් විය යුතු බවත්, මෙම විමර්ශනයට අදාළව මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන පාර්ලිමේන්තුවට කැඳවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් විසින් කතානායකවරයාට පවසා තිබේ – මෙම කරුණට අදාළව පාර්ලිමේන්තුව විසින් ගනු ලබන තීරණයකට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟතාවයක් පැවතිය යුතු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
  4. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව පොලීසිය පවසයි – මේ පිළිබඳ වාර්තාවක් පළවූයේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකට අයත් වෙබ් අඩවියක වන අතර, පොලීසිය පවසන්නේ, එවන් කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී නැති බවත්, එවන් කුමන්ත්‍රණයකට අදාළව විමර්ශනයක් ද දියත් කර නැති බවත් ය.
  5. ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සංචාරක අමාත්‍යංශය විසින් ජංගම යෙදුමක් හඳුන්වා දී තිබේ – මෙම ජංගම යෙදුම හඳුන්වා දී තිබෙන්නේ, මෙරට ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් සංචාරකයන්ට සිදුවන හිරිහැර පිළිබඳව ලද පැමිණලිවලින් අනතුරුව ය.
  6. තම පක්ෂය මැතිවරණ කටයුතු සඳහා අසීමිත ලෙස මුදල් වැය කරන බවට ලද චෝදනාව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පා.ම. අනුර කුමාර දිසානායක ප්‍රතික්ෂේප කරයි – වෙනත් දේශපාලන පක්ෂ මෙන් අසීමිත ලෙස තම පක්ෂය මුදල් වැය නොකරන බවත්, මැතිවරණ කටයුතු සඳහා වැය කරන සියලු මුදල්, මැතිවරණ වියදම්වලට අදාළව මෑත දී සම්මත වූ පනත මඟින් පනවා ඇති සීමාවන්ට යටත් බවත් පවසයි.
  7. මාර්තු 02 සිට 04 දක්වා ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන ‘රයිසිනා සංවාදයේ’ අටවැනි සම්මන්ත්‍රණයට විදේශ අමාත්‍ය අලි සබ්‍රි සහභාගීවීමට නියමිත ය – රයිසිනා යනු භූ දේශපාලනය සහ භූ-ආර්ථික සංවාදය පිළිබඳ ඉන්දියාවේ ප්‍රමුඛතම සම්මන්ත්‍රණය වන අතර, මෙම වසරේ එය ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව ඔබ්සර්වර් පර්යේෂණ පදනම විසින් සත්කාරකත්වය දරනු ඇත – විදේශ අමාත්‍යවරයා, “බෙදී ගිය ලෝකයක් සුව කිරීම” සහ “බයිට් ඔෆ් පොරොමිස්: තාක්‍ෂණයෙන් ජනතාව ඔසවා තැබිය හැක්කේ කෙසේද” යන මාතෘකා යටතේ විශේෂ මණ්ඩල සාකච්ඡා දෙකකට සහභාගී වීමට නියමිතය.
  8. ඉකුත් දිනෙක ඉන්දියානු ධීවරයන්ට පහර දීමේ සිදුවීමක් පදනම් කරගෙන, දමිළ “මැයි 17 ව්‍යාපාරයේ” සාමාජිකයන් පිරිසක් විසින් චෙන්නායි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ – විරෝධතාකරුවන් මහ කොමසාරිස් කාර්යාලය දෙසට ගමන් කිරීමට තැත් කිරීමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ – ශ්‍රී ලංකාව දමිළ ධීවරයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වහා නතර කළ යුතු බව එම ව්‍යාපාරයේ සම්බන්ධීකාරක තිරුමුරුගන් ගාන්ධි පවසයි – ශ්‍රී ලාංකික ධීවරයන් විසින් තමාට පහර දුන් බව තරන්ගම්පඩි සහ කරයික්කාල් හි ධීවරයන් දෙපිරිසක් විසින් පැවසූ බවට මීට ඉහත වාර්තා පළ වී තිබිණි.
  9. ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුවේ සහාය දිගටම හිමිවන බව ලෝක බැංකුව පවසයි – සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා නීති කෙටුම්පත් කිරීමේදී අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය භාවිතය සහ සුබසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් අමතර මඟපෙන්වීම් සහ සහාය ලබා දීමට ද ලෝක බැංකුව එකඟ වෙයි.
  10. 2016 මාර්තු මස මහ බැංකුවේ බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩු දෙකකට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ට එරෙහිව පවරා ඇති චෝදනා අවලංගු කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan