ආරෝපිත විදුලි කෝෂ මඟින් ශ්‍රී ලංගම බස් රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක්

Date:

කොළඹ වාණිජ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් බස්නාහිර පළාත ආවරණය වන පරිදි ආරෝපිත විදුලි කෝෂ මඟින් ශ්‍රී ලංගම බස් රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස මෙය ක්‍රියාවට නැංවීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා කීවේ අනාගතයේදී විදුලියෙන් දුවන වාහන ඇති කර සිස්ටම් චේන්ජ් එකක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවයි.

ජාත්‍යන්තර බලශක්ති අර්බුදය හමුවේ පොසිල ඉන්ධන ආනයනය සඳහා වැය වන පිරිවැය අවම කර ගැනීමේ පියවරක් වශයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන සූර්ය බලශක්තිය උපයෝගි කරගෙන ධාවනය කළ හැකි මේ බස් රථ ව්‍යාපෘතිය හඳුන්වාදී තිබෙන බව ගුණවර්ධන මහතා කීවේය. ඒ අනුව මෙහි නියමු ව්‍යාපෘතිය කොළඹ සහ බස්නාහිර පළාත් ආවරණය වන පරිදි ආරම්භ කරන බවත්, අනාගතයේදී ත්‍රිරෝද රථ, මෝටර් බස් පමණක් නොව විදුලියෙන් දුවන දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන්ද ප්‍රමුඛතාව ලබා දෙන බවත් කැලණිවැලි දුම්රිය විදුලියෙන් ධාවනය කිරීම ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීම තම අරමුණ බවත් ඇමැතිවරයා පවසා සිටියේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ජනපති අතින් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

පුනරුදයේ පුරවර අදින් ඇරඹේ!

කොළඹ LNW: ‘පුන­රු­දයේ පුර­වර’ පළාත් පාලන සතිය ක්‍රියාවට නැංවීමේ...

රටේ අනාගතය වෙනුවෙන් සියලු නායකයින් එකතු වෙන්න ඕනේ. රනිල්ට නායකත්වය දෙන්න පුළුවන් – වජිර

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් සියලු නායකයින් එකම...

මමත් බඩු පටවනවා. හෙට අනිද්දම යනවා – මෛත්‍රී

කොළඹ LNW: ඉදිරි දින දෙක තුන තුළ තමන්ද නිල...