තහනම් ගහේ ගෙඩි හැලෙයි

Date:

ජාත්‍යන්තර වශයෙන් තහනම් වුව ද,මෙරට පාපන්දු පරිපාලනයට සක්‍රීයව වැඩ කරගෙන යාමට ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශය බාධා කරන බවක් නැත.ඔවුන් එකිනෙකා දැනුවත්ව දේශිය වශයෙන් යම් යම් පාපන්දු ක්‍රීඩාව සම්බන්ධ තීරණ ගනිමින් සහ තරග පවත්වමින් සහ තව දුරටත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මූලික එකඟතා කොන්දේසි නොතකා හරිමින් ක්‍රියා කරමින් සිටින අතර තව දුරටත් එම සම්මේලනය සමඟ එකඟතාවයකින් තොරව පරීක්ෂණ කමිටු පත් කරමින් සිටියි.

මේ අතර දැනට පාපන්දු සම්මේලනය සේ පවතින ජාත්‍යන්තරය පිළිනොගන්නා තහනම් නිල මඩුල්ලට පත් වූ ඇතැම් සාමාජිකයින් එය හැර යන්නට පටන්ගෙන ඇත.ලේකම් ධූරයට පත් ඉන්දික තේනුවර විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය එහි සභාපතිවරයාට යොමු කර ඇත. පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරුන් වන සී.දීපිකා කුමාරි හා සමන් දිල්හාන් නාගහවත්ත ද සිය ඉල්ලා අස්වීමේ ලිපි බාරදී ඇත.මීට අමතරව පාපන්දු සම්මේලනයේ භාණ්ඩාගාරික ටී.සුදාකර් ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට යොමු කළ බවට වාර්තා වෙයි.

පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ සාමාජිකයින් ගණන 11 ක් වුවත් ජනවාරි 14 නිලවරණයෙන් පත්වූයේ 8 දෙනෙකු පමණකි.ගණපූරණය අවම පවත්වාගෙන යාමට විධායක සභිකයින් 6 දෙනෙකු අවශ්‍ය වන අතර සාමාජිකයින් 4 දෙනෙකු ඉල්ලා අස්වීම නිසා දැන් ඉතිරිව ඇත්තේ තවත් සිව්දෙනෙකු පමණි. ඉල්ලා අස් වීම නිසා ගණපූර්ණය බිදවැටීම නිසා මෙසේ පාපන්දු සම්මේලනයේ කටයුතු පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති අතර මේ වන විටත් පාපන්දු සම්මේලනයේ නව පරිපාලනය නිසි ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කර නැත.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...