බිලියන 1.1ක් භාණ්ඩාගාරයේ නැහැ කියලා කියනවා නම් කාටවත් පිළිගන්න බැහැ – විමල් වීරවංශ

Date:

පළාත් පාලන මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 1.1 දක්වා අඩු කිරීමට හැකි බව මැතිවරණ කොමිසම ඊයේ (28) පැවති සාකච්ඡාවකදී දැනුම්දී ඇති බව විමල් වීරසිංහ මහතා පවසයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

“රටේ ජනාධිපති මේ ආර්ථික අර්බුදයෙන් දුකට විපතට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට උත්තර සපයනවා වෙනුවට.. පාර්ලිමේන්තුවට ඇවිල්ලා සාක්කු දෙකට අත්දෙක දාගෙන කැරකි කැරකි.. තියන්න ඡන්දයෙකුත් නැහැ ඡන්දය තියන්න සල්ලිත් නැහැ කියලා කෝලම් කියන එක බලන්න අමාරුයි.. ඔය ඔක්කොම පීඩනයට වඩා.

අපේ නිදහස් ජනතා සන්ධානයේ ලේකම් තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවී සාකච්ඡා කරන්න ගියා. ඒ අය දන්වලා තියෙනවා බිලියන 1.1ක්.. අවම මේ මුදල දෙන්න අපි ඡන්දෙ තියන්න ලෑස්තියි කියලා. බිලියන 1.1ක් භාණ්ඩාගාරයේ නැහැ කියලා කියනවා නම් කාටවත් පිළිගන්න බැහැ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...