එස්. එම්. රංජිත්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි. ලක්ෂ 80ක ඉන්ධන වංචා නඩුව විභාගයට

Date:

රුපියල් ලක්ෂ 80ක ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති චෝදනාවලින් තමන් නිදහස් කරන ලෙස උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා සහ වත්මන් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ගොනු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (28) කටයුතු කළේය.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ කැඳවු අවස්ථාවේදීය.

මීට පෙර නඩු දිනයේදී මූලික විරෝධතා ගොනු කරමින් එස්. එම්. රංජිත් මහතාගේ සහ ශාන්ති චන්ද්‍රසේන මහත්මියගේ නීතීඥයින් අධිකරණයට ප්‍රකාශ කර තිබුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙම නඩුව ගොනුකිරීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහය උල්ලංඝනය කර ඇති බැවින් මෙම නඩුව විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවටයි. ඒ අනුව විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එහෙත් එම මූලික විරෝධතා ඊයේ දිනයේදී ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නියෝග කළේ නඩුව ජුනි මස 10 වනදා සිට විභාගයට ගැනීමට ය.

2012 – 2014 කාලසීමාවේදී එස්. එම්. රංජිත් මහතා උතුරුමැද මහ ඇමතිවරයා වශයෙනුත් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙනුත් කටයුතු කරමින් සිටියදී එම පෞද්ගලික ලේකම්වරියට හිමි ඉන්ධන දීමනාව ඇයගේ වැටුපට එක් කර තිබියදී මහ ඇමතිවරයාගේ වව්චර් පත් හරහා රුපියල් 26,80,528.00 ක හා රුපියල් 53,79,623.00ක ඉන්ධන ලබාගැනීම සහ එලෙස ඉන්ධන ලබාගැනීම සඳහා පළාත් සභා නිලධාරීන් පෙළඹවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

එමෙන්ම උතුරුමැද මහ ඇමතිවරයා වශයෙන් තමන්ට හිමි මෝටර් රථ දෙකට හා ආරක්ෂක රථයට අමතරව තවත් වාහන තුනක් තමන් වෙත මුදාහැරීමට පළාත් සභා නිලධාරීන්ව පෙළඹවීම සම්බන්ධයෙන් ද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...