යුක්‍රේනය නේටෝවෙ රූකඩයක්ද ?

Date:

ෆේස්බුක් එකේ ඇතැම් කන්ඩාම්වල මතය වෙලා තිබුනෙ යුක්‍රේනය නේටොවෙ රූකඩයක් වීම නවත්වාගත යුතු බවයි. තවත් කන්ඩායමක මතය වෙලා තිබුනෙ යුක්‍රේනයේ ජනාධිපති තැනේ හැටියට හැඩගැහෙන්ට දන්නෙ නැති මෝඩයෙක් විදියට වර්ගකරලා.

මේ අදහස්වල යටින් තියෙන්නෙ මියගිය සෝවියට් දේශයට බැඳුන ගතානුගතික ලව් එක නිසා යුධවාදී පූටින්ගෙ සුදු හුනු ගාන්ට පෙලඹෙන එක.

යුක්‍රේනයේ ජනාධිපති යුරෝපා සංගමයේ රූකඩයක් උනත් වෙන මොන සංගමයෙ රූකඩයක් උනත් ඒක පූටින්ට යුක්‍රේනය ම්ලේච්ඡ විදියට ආක්‍රමණය කරන්ට බලපත්‍රයක් වෙන්නෙ නෑ.

යුක්‍රේනය මොනපැත්තටද යන්නෙ කියන එක යුක්‍රේනුවන්ගේ වැඩක්..අනික යුක්‍රේන ජනාධිපති බලයට පත්වෙන්නෙ ගේම් ගහලා නෙමේ සීයට හැත්තෑපහක මහජන චන්දයකින්.

මෙතෙන්දි පූටින් යුක්‍රේනය රුසියාවේ රූකඩයක් කරගන්ට යන්නෙ ඇමරිකන් ක්‍රමයකටත් වඩා අන්ත ම්ලේච්ඡත්වය පාවිච්චි කරලා ගෝත්‍රික විදියට.

අපි අමතකකරන්න හොඳ නෑ යුක්‍රේන ජනාධිපතිට විතරක් නෙමේ ලංකාව වගේ රටක අභ්‍යන්තරයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීමකදි පවා අවසානයේදී ඒ අයිතීන් අහිමිවූ පිරිසට යන්න වෙන්නෙ යුරෝපා සංගමය දෙසට මිසක් රුසියාව දිහාටවත් චීනෙ දිහාටවත් නෙමේ.

මේ යුගයේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය අල්පයක් හරි ඉතුරුවෙලා තියෙනවා නම් ඒ ඉතිරිවෙලා තියෙන්නෙ බටහිර කඳවුරේ විතරයි. අනිත් ඔක්කොම ඒකාධිපති ගෝත්‍රික මඩ වලවල්.

ඕන එකටයි එපා එකටයි හැම එකටම ඇමරිකන් විරෝධයක එල්ලෙන එක මේක ඇතුලේ හැමදාම තිබුන ජනප්‍රිය දේශප්‍රේමයේම කෑල්ලක්.

මාක්ස්වාදය කියන්නෙ ගතානුගතික විදියට ගෝත්‍රික ඒකාධිපතියන්ගෙ පිට පැත්තෙ වමේ රතු පාට උලන දර්ශනයක් නෙමේ. ඇත්ත ඇතිසැටියෙන් විද්‍යාත්මක ලෙස දකින දර්ශනයකට ….

  • ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...