දැන් මේක මිනිහෙක් මළාම එම්බාම් කරන්න ෆෝමලින් නැති රටක් – චම්පික

Date:

වත්මන් ආණ්ඩුවට කිසිදු ආකාරයකින් රට ඉදිරියට ගෙන යෑමට නොහැකි බවත් රට බංකොලොත්භාවයට පත්වී අවසන් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

“ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ නෑ. මිනිහෙක් මළාම එම්බාම් කරන්න ෆෝමලින් නැති රටක් බවට, එච්චර කාලකන්නි තත්වයට අද ඇද දමලා තියෙනවා. මේ ආණ්ඩුව මේ ආර්ථික අර්බුදය විසඳන්න අසමත් බව බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. එනිසා දැන් ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවට මේ පිළිබඳව තීරණයක් ගන්න වෙනවා. ඒ වගේම මහජනයාට තීරණයක් ගන්න වෙනවා මේ ආණ්ඩුව ගැන. කිසිම විදියටකට ඉදිරියට යන්න බෑ, මේ රට දැන් බංකොලොත් වෙලා ඉවරයි”

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (28) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...