ඖෂධත් හිගයි – ආනයනයට ඩොලර් නෑ !

Date:

ඖෂධ ආනයනය සඳහාා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු නොකරන්නේ නම් අත්‍යවශ්‍ය ඖෂධ පවා ආනයනය කිරීම නතර කිරීමට සිදුවනු ඇති බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය පවසනවා. මේ වනවිටත් යම් යම් ඖෂධවල හිගයක් මතුව ඇති බව පෙන්වා දෙන එම සංගමය පවසන්නේ තවදුරටත් ආනයන කටයුුතු නතර කිරීමට සිදු වුවහොත් ඉදිරි මාස කිහිපය තුළ දැවැන්ත ඖෂධ හිගයක් රටතුල ඇතිවන බවයි.

ඖෂධ ආනයනය සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන 25 ක මුදලක් වැය වන අතර එම ඩොලර් ප්‍රමාණය නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වන බවයි පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසන්නේ. එම සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පවසන පරිදි ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගැනීම වෙනුවෙන් මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා සති දෙකක් ඉක්ම වී ගොස් ඇති නමුත් මේ දක්වා ඖෂධ ආනයනයට අදාල ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වී තිබේ.

රජයේ රෝහල්වලද මේ වනවිට ඇතැම් ඖෂධ හිග වී තිබෙනවා. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන්ටද පෞද්ගලක ඔසුසැල්වලින් ඖෂධ මිලදී ගැනීමට සිදුව තිබේ.

මේ අතර ඖෂධ මිල වැඩි කිරීම සඳහා ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ඖෂධ මිල 05% කින් ඉහළ දැමීම සඳහා ඇමතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙන බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...