රුසියානු යූක්‍රේන යුද්ධයේ බලපෑම

Date:

බුද්ධිමතුන් අනතුරු හඟවන ලෙස තෙවන ලෝක යුද්ධයක් ඇති වුව හොත් නිත්‍ය ලෙසම එය න්‍යෂ්ටික යුද්ධයක් වනු ඇත. න්‍යෂ්ටික අවි භාවිත කිරීමට බලවත් රටවල් පෙලඹුණහොත් එතැන ඇත්තේ ලෝක විනාශයක් යැයි කිව හැකිය. න්‍යෂ්ටික අවි අතින් බලවත් රාජ්‍යයන් ගණනාවක් තිබේ. එක අතකින් නේටෝ සංගමයට අයත් රටවල් ගණනාවක න්‍යෂ්ටික අවි තිබේ. රුසියාව ද න්‍යෂ්ටික බලවතෙකි. රුසියාවේ යුද ශක්තිය ගැන පැහැදිලි අවබෝධයක් ලෝක නායකයන්ට නැත. මේ ගැටුමේදී චීනය කාගේ පැත්ත ගන්නේදැයි කිව නොහැකිය. චීනය, උතුරු කොරියාව, අමෙරිකාව හා යුරෝපීය රාජ්‍යයන් ගැටුමට සම්බන්ධ වුවහොත් කුමකින් කුමක් සිදුවේදැයි කිසිවකුටත් කිව නොහැකිය.

ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටවලට යුක්‍රේන ආක්‍රමණය ඍජු ලෙසින් බලපායි. තෙල්, ගෑස්, සංචාරක ව්‍යාපාරය යන ක්ෂේත්‍රවලට මේ ගැටුම ඔස්සේ ඍජු බලපෑමක් සිදු වෙයි. බොර තෙල් බැරලයක මිල මේ වන විටත් ඇ. ඩො. සියය ඉක්මවා සිටී. එහි බලපෑම අපට ඉතා අහිතකර වනු ඇත. දැනට ශ්‍රී ලංකාව තුළ තෙල් ගැටලුවක් තිබේ. ගෑස් පිළිබඳ ගැටලුවක් ද තිබේ. ඒ හැරෙන්නට යාන්තමින් ගොඩනැගෙමින් පැවැති අපේ සංචාරක කර්මාන්තය යළිත් අර්බුදයට ගොස් ඇත. යුක්‍රේනයේ හා රුසියාවේ සංචාරකයෝ බහුල ලෙසින් ශ්‍රී ලංකාවට එති. යුද්ධය ව්‍යාප්ත වෙත්ම සංචාරකයන්ගේ පැමිණීම අර්බුදයට ගොස් තිබේ.

යුක්‍රේන ආක්‍රමණයේ ප්‍රතිඵලය ඉතා භයානක විය හැකිය. මේ ඔස්සේ තෙල් හා ගෑස් පිළිබඳ ලෝක අර්බුදයක් ඇති විය හැකිය. සංචාරක කර්මාන්තය දුර්වල විය හැකිය. ආහාර අර්බුදයක් ද මේ ඔස්සේ නිර්මාණය විය හැකිය. කොවිඩ් වසංගතය තවම නිමාවට පත්වී නැති බැවින් තත්ත්වය වඩාත් දරුණු වන්නට පුළුවන. යුද්ධය වැළැක්වීමට ද සාම සාකච්ඡා ශක්තිමත් කිරීමට ද අපගේ දායකත්වය උපරිමයෙන් දිය යුතු අතර තව පැත්තකින් දේශීය වශයෙන් මතුවන ආර්ථික ගැටලුවලට උත්තර සපයාගත යුතුය. ශ්‍රී ලංකාව යනු යුද්ධයේ බිහිසුණු අත්දැකීම් ඇති රාජ්‍යයකි. අපේ ඉතිහාසය තුළ තිස් අවුරුදු යුද්ධයක් පිළිබඳ නොමැකෙන සටහන් ලියැවී ඇත. එබැවින් යුද්ධය වැළැක්වීමෙහිලා උපරිම දායකත්වයක් දීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් විය යුතුය.

අපේ තිස් අවුරුදු යුද්ධයෙන් උතුර මුළුමනින්ම විනාශ විය. යුද්ධය ජයගත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උතුර යළි ගොඩනැගීම සඳහා විශාල ධනයක් වියදම් කර තිබේ. උතුරේ ක්‍රියාත්මක වූ සංවර්ධන වැඩසටහන් නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දකුණේ ජනතාව අතර දැඩි විවේචනයකට ලක් විය. එහෙත් එම ආණ්ඩුව උතුර සංවර්ධනය කිරීම හා ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම නවතා දැමුවේ නැත. මේ පාඩම් අප ලෝකය හමුවේ තැබිය යුතු කාලය පැමිණ තිබේ. අවවාදයට වඩා ආදර්ශය වැදගත් යැයි සලකමින් ශ්‍රී ලංකාව යුද්ධය වැළැක්වීම සඳහා ඍජු මැදිහත්වීමක් කරන්නේ නම්, වැදගත්ය. ඒ සඳහා බලවත් රටවලට සේම අපට ද අයිතියක් ඇති බව පෙන්වා දිය යුතුය.

ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය !

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී...

මාලිමා රජය සූර්ය බලශක්ති ක්ෂේත්‍රය විනාශ කරන්න හදනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණ වත්මන් රජය පුනර්ජනනීය...

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...