චීනය සමඟ වන ආරවුල් අවසන් කර ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් ජපානයේ නව අගමැතිවරියගෙන් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය සමඟ ඇති වූ ආරවුලක් තවදුරටත් උත්සන්න වීම වළක්වා ගන්නා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජපාන අගමැතිනි සානේ ටකයිචිගෙන් ඉල්ලා ඇති බව රොයිටර් වාර්තා කර තිබේ.

චීනය විසින් තායිවානයට හමුදා ප්‍රහාරයක් දියත් කරන්නේ නම් ඊට එරෙහිව ජපානය මිලිටරි ක්‍රියාමර්ග ගනු ඇති බවට ජපානයේ නව අග්‍රාමාත්‍ය සානේ ටකයිචි විසින් මේ මස මුලදී පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම බීජිනය සමඟ වසර ගණනාවකින් ඇති වූ විශාලතම රාජ්‍ය තාන්ත්‍රික ගැටුමට හේතු වී ඇත.

බීජිං වෙතින් ඇගේ වචනවලට දැඩි ප්‍රතිචාරයක් ලැබුණු අතර, තාකයිචි ඇගේ ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා ඇතිමුත් අද වන අත් එය සිදුව නැත.

කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප්ගේ යෝජනාවට  ජපාන අගමැතිනිය සිය කැමැත්ත පල බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...