*
Friday, May 17, 2024
spot_img

Latest Posts

පුටින්ගේ පටි ගැලවෙයි !

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලබා දී තිබූ කලු පටි අහිමි කිරීමට ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනය පියවර ගෙන තිබේ. එසේම පුටින් ජනාධිපතිවරයාට ලබා දී තිබූ සම්මාන සභාපති ධුරයද යළි කැඳවීමටයි තීරණය කර තිබෙන්නේ.

ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනය මෙම තීරණයට එළඹියේ පුටින් ජනාධිපතිවරයා විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙනි. රුසියානු හමුදා, යුක්රේනයේ අගනුවර ඇතුළු නගරවලට බෝම්බ හෙළීම ආරම්භ කිරීමත් සමග කලු පටි ඉවත් කිරීමත් සම්මාන සභාපති ධුරය අහිමි කිරීමත් සිදු විය.

මේ අතර ලබන මැයි මාසයේදී රුසියාවේ කසාන් නගරයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය අත්හිටුවීමටද තීරණය කර ඇත.

මේ අතර ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් පුටින් වෙත පිරිනමා තිබූ කලු පටිද ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. යුක්රේනය ආක්‍රමණය කිරීමට පුටින් ගත් තීරණය දැඩිලෙස හෙළා දකින ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය පවසන්නේ එය ‘ජයග්‍රහණයට වඩා සාමය වටී’ යන ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය ආදර්ශ පාඨයට එරෙහිව යාමක් බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan