*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” වැඩසටහනින් 112 වැනි ස්මාර්ට් පන්ති කාමරය දේවහූව මුස්ලිම් විද්‍යාලයට

පසුගිය මහමැතිවරණයෙන් බිංදුවට බැහැපු කණ්ඩායමක් සමගි ජන බලවේගයත් සමග එකට එකතු විය යුතු බවට සාකච්ඡා කර ඇති බවත් මේ රට බංකොලොත් කළ මේ රට විනාශ කළ පොදු දේපල මෙන්ම රටේ සම්පත් දේපල හා අරමුදල් සොරා කන ලද හොරු කණ්ඩායම සුරකින කිසිදු අයකු සමග එකතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමා හොරු සමඟ ඩීල් ගැසුවා නම් තමාටද බෙහෙත් වංචා කළ කෙහෙලියට පක්ෂව අත් උස්සන්න සිදුවන බවත් දේශපාලනය කරන්නේ නම් ප්‍රතිපත්තිගරුක විය යුතු බවත් ජනාධිපති, අගමැති පුටු හිස්වෙන විට කෙල පෙරමින් තනතුරු පසුපස දිව නොයා යුතු බවත් හොද අවබෝධයකින් කටයුතු කර ජාතික අවශ්‍යතාව ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ජනතාව ඉල්ලා සිටින පිරිසුදු ගමනක් යාම හැරවුම් ලක්ෂය වීමට සමගි ජන බලවේගය සූදානම් බවත් අනාගත පරපුරට අවශ්‍ය ශක්ති සම්පන්න අනාගතයක් බිහි කරන්න තමන් සූදානම් බව පැවසූ ඒ මහතා සියලු දෙනාම එකට එකතු වී ජාති ආගම් කුල වර්ණ භේද පසෙකලා ශ්‍රී ලාංකිකත්වය මූලික කර ගෙන අත්වැල් බැඳ ගෙන රට ගොඩ ගැනීමට එක්වන ලෙස ආරාධනා කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාතලේ දඹුල්ල දේවහුව මුස්ලිම් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 112 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට පෙරේදා (28) එක්වෙමිනි. මෙම පාසලේ වසර 35ක් පුරාවට ගණිත ගුරුවරයකු නොසිටින බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙහි දී දැන ගැනීමට හැකි විය.

පාර්ලිමේන්තුවේ නොකඩවා කතා කළ නිසා පරාටේ නීතියට විරාමයක් ලැබුණා

වසර දෙකහමාරක් පුරා නොකඩවාම තමා පාර්ලිමේන්තුවේ කතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපෑමක් සිදු කළ පරාටේ නීතියට තාවකාලික විරාමයක් ගැනිමට හැකියාව ලැබුණු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජනතාවට අවශ්‍ය කයියද සංවර්ධනයද කියා තීරණය කරන්න

රටේ ක්‍රමයේ වෙනස පටන් ගත්තේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බවත් බොරුවට කයිය ගගහ යන පිරිස සිටින නිසා ලක්ෂ 220 ජනතාව ඇසිය යුත්තේ තවදුරටත් රටට අවශ්‍ය කයිය ගහන එකද සංවර්ධනය ද කියා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

බංකොලොත් අප රට ගොඩ ගත හැක්කේ විපක්ෂයේ සිට පවා ජනතාවට සේවය කරන පුද්ගලයන්ට ද එසේ නොමැති නම් රට වටේ කයිවාරු ගගහ යන පුද්ගලයන්ට ද කියා ජනතාව සිතිය යුතු බවත් මේ මොහොතේ රටට අවශ්‍ය වැඩ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 112ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1115ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan