ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් ‍2500 කට පත්වීම් ලබා දීම අද

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW): බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් ‍2500 කට පත්වීම් ලබා දී ඇති අතර, ඒ සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අද (01) සිදු කෙරෙනු ඇත.

පසුගිය ඔක්තෝම්බරයේ පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත එම පිරිස බඳවා ගන්නා බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළේය.

තවද ප්‍රාථමික , කලා,වාණිජ, විද්‍යා හා ගණිතය විශය ධාරා මෙන්ම සාමාන්‍ය පෙළ විෂය ඉගැන්වීම සඳහාද මෙහිදි ගුරුවරුන් බඳවා ගන්නා බව ලේකම්වරයා පැවසුවේය.

විභාග ප්‍රතිඵල නිකුත් කළද බඳවා ගැනීම් ප්‍රමාද වූයේ ඒ සම්බන්ධයෙන් නඩුවක් පැවරීම හේතුවෙන් බවත්, බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු 2000කට අධික සංඛ්‍යාවක් තවදුරටත් පවතින බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...