ලාංකේය පිහාටු මල් කැකුළු දකුණු ආසියාව සුවඳ ගන්වන්න පකිස්තානයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 01, කොළඹ (LNW): දකුණු ආසියාතික කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වීම සඳහා අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8 දෙනෙක් ඊයේ (29) පාකිස්තානය බලා පිටත් වූහ.බාලක සහ බාලිකා කේවල තරග සඳහාත්,එම කාණ්ඩාවල යුගල තරග සඳහාත් මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම් නියෝජනය කරන අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ ක්‍රිඩක ක්‍රීඩිකාවෝ එහිදී මිශ්‍ර යුගල තරග ඉසව්වලින් ද තරගාවලිය නියෝජනය කරති.


පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි පකිස්තානු ක්‍රීඩා සංකීර්ණයේදී අනිද්දා (3) සිට 7 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වෙන අතර, මුල් දින දෙකේදී කණ්ඩායම් තරගත්, 5-6 දෙදින ඒකල මූලික තරගත් 7 වැනිදා ඒකල අවසන් තරගත් පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රජිත දහනායක, සහාය පුහුණුකරු ඉරේෂ් මධුරංග ද සිල්වා සහ ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස තරංගා විමලසූරිය ද සංචාරයට එක් වෙති.


තරගාවලියට සහභාගි වන අවුරුදු 15 න් පහළ කණ්ඩායම අමාවන් අමරසිංහ, චෙනාල් දෙව්ෂාන් මඩපාතගේ, තෙනුකි අයන්සා ද සිල්වා, බිනුරි ජනංගා නියෝජනය කරන අතර අවුරුදු 17න් පහළ කණ්ඩායමට මිහිල රවිෂ්ක ක්‍රිෂ්ණ ජයවීර, තේජන සමුදිත හේරත්, නෙත්මි අමායා රත්නායක සහ ලක්ෂණා සජීවකුමාර් ඇතුළත් වෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...